ඉන්දුනීසියා ජනාධිපතිවරණය අද (14) පැවැත්වෙයි. ජනාධිපතිවරණයට අමතරව, මහ මැතිවරණය සහ පළාත් සභා මැතිවරණය ද පැවැත්වෙයි. එක් දිනක් තුළ එක රටක,ජනාධිපතිවරණය,මහ මැතිවරණය සහ පළාත් සභා මැතිවරණය පැවැත්වෙන අවස්ථාව මෙයයි.
මැතිවරණයට පෙර ඊයේ (13) , මීට වසර 16 කට පෙර 2008 වසරේ දී මියගිය එරට හිටපු හමුදා නායක ජනරාල් සුහර්තෝ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත්වුණු නෙටි වීඩියෝවක පෙනී සිටිමින් ඉන්දුනීසියානුවන්ගෙන් ඉල්ලීමක් කළේ තම බෑණා මෙන්ම ඉන්දුනීසියා වැසියන් අතරේ අතිශය ජනප්‍රිය දේශපාලනඥයකු වන ප්‍රාබෝවෝ සුබියැන්තෝට මානාපය දෙන ලෙසය.
ජනරාල් සුහර්තෝ යනු ඉන්දුනීසියාවේ දෙවැනි ජනාපධිතිවරයාය. ඔහු කුරිරු දළදඬු පාලකයෙකු ලෙස ප්‍රකටය. එසේ වුවත් සුහර්තෝ සැමවිටම සිටියේ සිනාමුසු මුහුණින්ය. මේ නිසා සුහර්තෝ, ‘සිනාවෙන ජනරාල්’ යන නමින් ද ප්‍රකට විය. 2008 වසරේ මියයද්දී, ජනරාල් සුහර්තෝ 86 වියෙහි පසුවිය.
ඊයේ (13) දිනයේ සමාජ මාධ්‍ය ඔස්සේ පළවුණු වීඩියෝවේ දකින්න ලැබුණේ සැබෑ ජනරාල් සුහර්තෝ නොව, පරිගණක ඒ.අයි. කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් නිර්මාණය කළ සියයට සියයක් ජනරාල් සුහර්තෝට සමාන තැනැත්තෙකි. ජනරාල් සුහර්තෝගේ සැබෑ කටහඬ යොදා ගනිමින් පරිගණකයෙන් නිර්මාණය කළ රූපයට හඬ කවා තිබුණි.
අද (14) පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ජනරාල් සුහර්තෝගේ බෑණා 72 හැවිරිදි ප්‍රාබෝවෝ සුබියැන්තෝ නියෝජනය කරන්නේ ‘ග්‍රෙරින්ද්‍රා’ දේශපාලන පක්ෂයයි. ප්‍රාබෝවෝ සුබියැන්තෝගේ බිරිඳ 64 හැවිරිදි සිතී හෙදියාටි ජනරාල් සුහර්තෝගේ දියණියයි.
පරිගණක ඇසුරින්, ජනරාල් සුහර්තෝ රුව නිර්මාණය කර, ජනතකාව ඇමැතීමට සලස්වමින්, ප්‍රාබෝවෝ සුබියැන්තෝ ට සහාය දෙන්නැයි පැවසුවේ, එරට ‘ගොල්කාර්’ දේශපාලන පක්ෂයයි.
‘ගොල්කාර්’ යනු ඉන්දුනීසියාවේ පැරැණිතම දේශපාලන පක්ෂයක් වන අතර, මෙවර ජනාධිපතිවරණයේ දී ඔවුන්ගේ සහාය හිමිවන්නේ අපේක්ෂක ප්‍රාබෝවෝ සුබියැන්තෝටය. පසුගිය ඉන්දුනීසියානු රජයේ ආරක්ෂක අමාත්‍ය ධුරය හෙබූවයේ ප්‍රාබෝවෝ සුබියැන්තෝ ය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ඉන්දුනීසියා ජනපතිවරණය ඇරැඹේ