(අංජුල මහික වීරරත්න)
අතරමැදි කන්නයේ මුං ඇට හා කව්පි වගාවට ප්‍රමුඛත්වය ලබා දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
යල කන්නයේ අස්වනු නෙලා ගත් වහාම අතරමැදි කන්නය සඳහා අතිරේක ආහාර බෝග වගාවට අවශ්‍ය පහසුකම් සලසන ලෙස ද අමාත්‍යවරයා කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන්ට දුන් උපදෙස් වල සඳහන් ය.
දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මානවල ප්‍රගතිය විමසීම පිළිබදව කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති සමාලෝචන රැස්වීමකදී අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දුන්නේය.
දැනට පවතින නියඟ තත්ත්වය හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල අතරමැදි කන්නයේ වගාව සඳහා යොමුවීමට හැකියාවක් නැතත් හම්බන්තොට, පොළොන්නරුව ආදී දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රදේශ රැසක අතරමැදි කන්නය ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් පවතින බව හඳුනාගෙන තිබේ. යල කන්නයේ අස්වනු නෙලා ගැනීමත් සමග කුඹුරුවල ඇති තෙතමනය උපයෝගී කර ගනිමින් කෙටිකාලීන බෝග වශයෙන් කව්පි හා මුං ඇට වගා කිරීමට පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා නිලධාරීන්ට දැනුම් දුන්නේය.
ඉදිරියේ දී ආහාර හිඟයකට මුහුණ දීමට සිදු වුවහොත් ඊට මුහුණ දීම සඳහා වගා කළ හැකි හැම ඉඩමකම කෙටිකාලීන ආහාර බෝග වගා කිරීමට ගොවීන් උනන්දු කළ යුතු බව අමාත්‍යවරයා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට මෙන්ම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවටත් උපදෙස් දුන්නේය.
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
242
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉදිරි ආහාර හිඟයකට දැන් තියා සූදානම් වෙයි
chandima Wednesday, 02 August 2023 01:20 PM
බයවෙන්න එපා... ගඩොල් භාග, පොලු මුගුරු එකතු කරගෙන අපි සූදානමින් ඉන්නේ... ආහාර හිඟය එද්දී කියන්න.