IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ඉදිරියේදී විකුණගන්න බැරි තරම් එළවළු ලැබෙනවා

(අංජුල මහික වීරරත්න)

ඉදිරි සති හය ඇතුලත  අලෙවි කර ගත නොහැකි තරම් විශාල එළවළු අස්වැන්නක් වෙළෙඳ පොළට ලැබෙනු ඇතැයි  කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

ඉදිරියේ දී එළවළු බීජ වෙනුවට එළවළු පැළ  සකස් කර අලෙවි කිරීමේ වැඩ පිළිවෙළක් ආරම්භ කරන බය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මාලතී පරසුරාමන් මහත්මිය පැවැසුවාය.

එළවළු බීජ නිසි නිසි පරිදි පැළ නොවන බවට ගොවීන්  කරන  චෝදනා සැලකිල්ලට ගෙන මෙම පියවර ගත් බව පරසුරාමන් මහත්මිය කීවාය.

මේ වනවිට වෙළෙඳපොළේ උඩරට හා පහතරට  එළවළු මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම සම්බන්ධව  කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් කරුණු විමසීමක් කළ අතර එළවළු මිල ඉහල යාමට  හේතුව අධික වර්ෂාවෙන් එළවළු වගා  විනාශ වීම බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

මාස කිහිපයක සිට දිවයින පුරා පවතින අධික වර්ෂාව හේතුවෙන් මේ වනවිට සියලු වගාවන්ට හානි සිදුවී ඇති බවත්, දැනට වෙළෙඳපළට ලැබෙමින් පවතින්නේ සීමිත එළවළු ප්‍රමාණයක් බවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියයි.



අදහස් (12)

ඉදිරියේදී විකුණගන්න බැරි තරම් එළවළු ලැබෙනවා

රංබොඩ Friday, 05 January 2024 11:36 AM

කොපමණ නිෂ්පාදනය වුණත් වැඩක් නෑ. ඒ ලාබය ගොවියාටවත් පාරිභෝගිකයාටවත් යන්නේ නෑ. අතරමැදි ගසාකන්නන් සියල්ල හූරාගෙන කාලා ගොවියත් පාරිභෝගිකයාත් අමාරුවේ දානවා. නිෂ්පාදන හරියට බෙදා හැරීමේ ක්‍රමවේදයක් අවශ්‍යයි...

:       0       41

ලසාFriday, 05 January 2024 07:41 PM

හොඳම දේ දඹුල්ලට කෝච්චි පාරක් හදන එක...

:       0       0

N Friday, 05 January 2024 12:08 PM

2048...

:       10       9

Amal Friday, 05 January 2024 01:23 PM

අතිරික්ත අස්වැන්න පිට රට අරින ක්‍රමයක් ගැන මුන්ට හිතෙන්නෙම නැද්ද?? අපිත් රට ඉඳන් ලංකාවෙ එළවළු කන්නෙ ගිනි ගණන් දීලා . මුන්ට එහෙමවත් හැගීමක් නැද්ද???

:       4       19

ලසාFriday, 05 January 2024 07:40 PM

ඕගොල්ලෝ කන්න කලින් ලංකාවේ මිනිස්සු කන්න ඕනේ...!

:       0       0

ranjith Friday, 05 January 2024 01:35 PM

මුන්ගේ ඔක්කොම ඉදිරියේදී තමා .නිකන් බොරු බේගල්

:       3       18

ගොවිරාළ Friday, 05 January 2024 02:03 PM

එතකොට යහපාලනය කාලයේ ඩොක්ටර් හර්ෂ සිල්වා හෝ වෙනත් කෙනෙක් එළවළු කල්තබා ගැනීමට ක්‍රමයක් සැලසුම් කලා නේද ඒකට මොකද වුනේ .ඔය කියන විදියට එළවළු එන්න නියමිතව ඇත්නම් එම මධ්‍යස්ථානය සංවර්ධනය අවසන් කර නාස්තිය වැලැක්වීම සදහා අමාත්‍යාංශයේ ක්‍රමවේදයක් හදන්න බැරිද

:       0       17

චන්දන Friday, 05 January 2024 02:23 PM

එහෙනම් තව සති 6ක් නොකා ඉඳිමු.

:       2       10

පැරකුම් Friday, 05 January 2024 04:00 PM

රාජ්‍ය පරිපාලනයේ නොහැකියාව නිසා ගොවියා සහ පාරිභෝගිකයා ගසාකමින් අතරමැදියා ලාබ ලබනවා. පාලකයින් රට සවාරි යනවා. අපි බදු ගෙවනවා. මේවාට පිළියම් නැද්ද...?

:       1       7

Nimal Friday, 05 January 2024 06:30 PM

මිල වැඩි කරන්න නම් හේතු 1000ක් තියෙනවා...

:       0       0

පරාක්‍රම Friday, 05 January 2024 07:06 PM

රාජ්‍ය පරිපාලන කියන්නේ එක් අමාත්‍යාංශයක් ඒකට මේක අදාල නැහැ... මේක අයිති වෙන්නේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ විෂය පථයට තමයි. ඔහොම මිනිස්සු 2019 බොහෝමයක් හිටියා. රටේ පාලනය වෙන්නේ කොහොමද නොදන්නා ඔහෙලා වගේ මිනිස්සු රටේ විනාශයට වගකියන්න ඕනෑ...

:       0       0

Nimal Weerasingha Saturday, 06 January 2024 07:40 PM

ආර්ථික මධ්‍යස්ථාන වල ඉන්න මුදලාලිලා අයින් කරලා ආව හැබෑ ගොවියන්ට දෙන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site