(සුජිත් හේවාජුලිගේ)
රටපුරා ලොකු වැසි දැනට බලාපොරොත්තු නොවිය හැකි බව කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ඒ.කේ කරුණානායක මහතා පැවසීය.
දැනට දැඩි නියඟය පවතින උතුර, නැගෙනහිර, උතුරුමැද, ඌව පළාත් වලට සැලකිය යුතු වැසි බලාපොරොත්තු විය හැක්කේ ඔක්තෝබර් නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී බවද ඔහු සඳහන් කළේය.
නිරිත දිග මෝසම් වැසි සමය ( මැයි- සැප්තැම්බර්) ආරම්භවී ඇතත් එම වැසිවල සැලකිය යුතු අඩුවක් පවතින බව පැවසූ අධ්‍යක්ෂ ජනරාල්වරයා එල්නිනෝ තත්වය ඇතුළු විවිධ කරුණු මීට බලපාන්නට ඇතැයිද ප්‍රකාශ කළේය.
නිරිතදිග මෝසමෙන් වැසි ලැබෙන්නේ බස්නාහිර මාතර ගාල්ල සබරගමුව, නුවරඑළිය,කුරුණෑගල සහ පුත්තලම යනාදී ප්‍රදේශවලට බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කෙසේ වෙතත් දිවයිනේ සමහර ප්‍රදේශවලට සවස් කාලයේදී වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
244
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉදිරියේදීත් වැස්සට බාධා