IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ඉදිකිරීම් ගැටලු හොයන්න විද්වත් කමිටුවක්

(අංජුල මහික වීරරත්න)

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු නිසි ලෙස අධ්‍යයනය කර, පවතින ආර්ථික තත්ත්වය හමුවේ එම ගැටලුවලට ලබාදිය හැකි විසඳුම් පිළිබඳ සොයා  වාර්තා කිරීමට විද්වත් කමිටුවක් පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි  ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියුතු කර්මාන්තකරුවන් සමඟ  ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය. 

මුදල් අමාත්‍යාංශයේ, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම්වරුන් ඇතුලත්වන පරිදි ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සමන්විතව මෙම විද්වත් කමිටුව පත් කිරීමට පියවර ගන්නා බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

එමෙන්ම ණය ප්‍රතිව්‍යුහගතකරණ කටයුතු අවසන් වීමත් සමඟ ලබන වසර වන විට සියලු ක්ෂේත්‍රවල කර්මාන්තකරුවන් ධෛර්යමත් වන අන්දමේ සහන ලැබෙනු ඇති බව ද  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පැවසීය.



අදහස් (4)

ඉදිකිරීම් ගැටලු හොයන්න විද්වත් කමිටුවක්

ලුම්බිණි Friday, 15 March 2024 09:22 AM

ඔබගේ කමිටු පත් කිරීම තුලින් තබා ඇති ලෝක වාර්තාව කිසිවෙකුටත් බිඳ හෙළිය නොහැක.

:       4       11

Nimal Friday, 15 March 2024 10:45 AM

මේ කමිටුවේ වාර්තා ලැබෙන විට එයා ජනාධිපති පුටුවේ නෑ.

:       0       0

ධනා Friday, 15 March 2024 11:37 AM

ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අනාගතය ගැන තීන්දු තීරණ ගන්න පත්කරන කමිටුවේ ලොක්කෝ ඒ ගැන අවබෝධයක් නැති පරිපාලන නිලධාරීන්. රට මේ තරමින්වත් ඉතුරු එක ගැන සතුටු වෙන්න ඕනෑ.

:       0       0

sam Saturday, 16 March 2024 06:42 AM

අර වියත්මගද? කියත් මගද කියන වගේ එකක්ද? 

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 325 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 205 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site