
(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල කිරලගොල්ල ප්‍රදේශයේ ඉදිකරමින් පවතින හෝටලයකින් මෙරට නිෂ්පාදිත කුඩා වර්ගයේ ගිනි අවියක් , ජීව පතුරම කිලෝ හයක් , කංසා තොගයක් සහ කළුගල් උණු කරන රසායනික ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලිසිය කියයි.
මෙම අත්අඩංගුවටගත් භාණ්ඩවල හිමිකරුවන හෝටල් ව්‍යාපෘතියක් සැලසුම් කර ඇති පුද්ගලයා පලා ගොස් තිබෙන බවත් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායමක් යෙද වූ බව පොලිසිය කියයි.
මෙම ස්ථානයේ නිධානයක් ලබා ගැනීම සඳහා සැලසුම් සහගතව ක්‍රියාවලියක් සිදුවන ට ලැබුණු තොරතුරු අනුව සිදුකරන ලද පරීක්ෂණවලදී කළු ගල් දියකරන රසායනික ද්‍රව්‍ය තොගය සොයා ගැනීමට හැකිවූ බව දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක වසන්ත කුමාර මහතා සඳහන් කළේය.
අත් අඩංගුවට පත් සැකකරු තණමල් විල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් ඔහු මෙම ව්‍යාපාරිකයාගේ වත්තක සේවය සඳහා පැමිණ වගා කරන මුවාවෙන් එහි කංසා වගාවක්ද සිදුකර ඇතැයි මූලික පරීක්ෂණවලදී හෙළි වී තිබේ.
2025 දෙසැම්බර් මස 18
563
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
279
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1081
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉදිකරමින් පවතින හෝටලයක පතුරොම්-කංසා ඇතුළු ද්‍රව්‍ය රැසක් :අයෙක් මාට්ටු