
(ශ්‍රීනාත් ප්‍රසන් ජයසූරය)
ඉතාලියේ වෙරෝනා නගරයේ නවාතැන්පොළක සිටි අවුරුදු 11 සහ අවුරුදු 3 දියණියන් දෙදෙනකු ඝාතන කළ බව කියන මව සොයා පරීක්ෂණ ආරම්භ කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර ඇත.
දියණියන් දෙදෙනා ඝාතනය කළ බව කියන ශ්‍රී ලාංකික කාන්තාව මේ වන විට පළා ගොස් සැඟව ඇතැයි ඉතාලි මාධ්‍ය වාර්තා කර ඇතැයි වෙරෝනා හි පදිංචි ලාංකිකයෝ පවසති.
මෙම කාන්තාව නාත්තණ්ඩිය ප්‍රදේශයේ පදිංචි කාරියකි. දරුවන් දෙදෙනාගේ ගෙල සිරකර මෙම මරණය සිදු කර ඇති බවට එරට මාධ්‍ය වාර්තා කර ඇත.
සැකකාර කාන්තාව සිය ශ්‍රී ලංකික සැමියා සමග ඉතාලියට ගොස් සිටියදී ඇතුවූ පවුල් ආරවුලක් මත සැමියාගෙන් වෙන්ව දරු දෙදෙනා සමග ඉතාලි ළමාරක්ෂක අධිකාරියේන් ලබා දුන් නිවාසයක ජීවත්ව ඇත.
COMMENTS
ඉන්දියාවේ සිට පැමිණි ගෝත්‍රික මිනිසුන්, ගැහැණුන් සිංහල බස කතා කරමින් ඉතාම කෘෘර ලෙස හැසිරෙන බව කියනවා..
ඇමරිකාවේ ඔහොම දේවල් නිතර අහන්න ලැබෙනවා
දැන් නම් සම තැන දෙන්න පුළුවන්
අති ධාවනකාරී ජීවන රටාවල්වල ගිලිලා, මනුෂ්‍ය වර්ගයා පිස්සු හැදිලා ඉන්නේ. ඉදිරියේදී මේ වගේ සිදුවීම්, සියදිවි නසා ගැනීම ආදිය විශාල ප්‍රමාණයකින් වැඩි වෙවි.
කෙනෙක් මානසික රෝගයකින් පෙලෙනවිට මෙහෙම කලානම් කරන්න දෙයක් නැහැ.
ඔය කාන්තාව ඉතාලියේ හිටියට අරාබි රටක දඬුවමක් දෙන්න වටිනවා...