IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


ඉඩම් ගොඩකිරීම් සංස්ථාවේ හිටපු සභාපතිට ඇප

(රෝෂන් තුෂාර)

වේර්න්ස් ගඟ ව්‍යාපෘතියේ  පළමු අදියර විවෘත කිරීමේ උත්සව කටයුතු සදහා රජයෙන් මුදල් වෙන්කර නොතිබියඳී භාතිය ජයකොඩි නමැති අයගේ  ආයතනයකට එම කටයුතු භාර දෙමින්  රුපියල් ලක්ෂ  276ක්  රජයට පාඩු කළේ යැයි කියන  ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධණය කිරීමෙ සංස්ථාවේ හිටපු සභාපති ඇපමත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්  තනූජා ලක්මාලි මහත්මිය අද නියෝග කළාය. 

අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ  ලියන ආරච්චිගේ ප්‍රසාද් හර්ෂණද සිල්වා නමැති සැකකරු මෙසේ අප මත මුදා හරින ලෙස නියෝග කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සැකකරුට රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප පහක්  නියම කළ අතර සැකකරුගේ විදෙස් ගමන් තහනම් කිරීමටද නියෝග කළාය.

කොළඹ ගං වතුර පාලනය කිරීම සඳහා නුගේගොඩ රත්තනපිටිය හා බෙල්ලන්විල දක්වා  වේරන්ස් ගඟ ව්‍යාපෘතියේ පළමු අදියර විවෘත කිරීමේ කටයුතු සඳහා මෙසේ ප්‍රශංපාදන ක්‍රියාවලියකින් තොරව උත්සව සංවිධානය කටයුතු සමාගමකට 2014 සැප්තැම්බර් 09 දින බාර දෙමින් රජයට පාඩු කිරීම සම්බන්ධව මෙම විමර්ශනය සිදු කෙරේ.

(ඡායාරූප: ළහිරු හර්ෂණ)



අදහස් (1)

ඉඩම් ගොඩකිරීම් සංස්ථාවේ හිටපු සභාපතිට ඇප

කව්ද බෝයි Thursday, 15 May 2025 04:33 PM

මහා දවාලේ හොරකාලා තියෙන්නෙ? ලක්ෂ 276ක්, ව්‍යාපෘතියේ එක අදියරක් වීවෘත කරන්න? මේ රටේ බහුතරයක් අහිසක ජනතාවගෙ බදු මුදල් නේද? මේක තමන්ව වදාපු අම්මව එළිපිට දුෂණය කරනවාටත් වඩා අපරාදයක් කියලා මේ කාලකන්ණි හතිකරේට වැටහෙන්නෙ කවදාද ?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 24770 26

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18142 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10859 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 577 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 172 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 833 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site