බිඟුන් මේනක ගමගේ
ඉඩම් ඔප්පු, පත්ඉරු හා ඇටෝනි බලපත් සැකැසීමට එක්දින සේවයක් ආරම්භ කරන්නේ යැයි රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ නිලධාරිනියක් පැවසීය.
දැනට සාමාන්‍ය සේවය යටතේ මෙවැනි ලියාපදිංචියකට රුපියල් එක්දාස් පන්සියක් අය කෙරෙන අතර එක්දින සේවය වෙනුවෙන් ඒ සඳහා රුපියල් තුන්දහසක මුදලක් අය කිරීමට තීරණය කර ඇතැයි ද එම නිලධාරිනිය කීවාය.
ඔක්තෝබර් 21 වැනිදා සිට මෙම සේවය ආරම්භ කිරීමට නියමිත යැයි ද දුර බැහැර සිට කොළඹට පැමිණෙන මහජනතාවට එමගින් විශාල සේවයක් ඉටුවනු ඇතැයි රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව අපේක්ෂා කරන්නේ යැයි ද ඇය සඳහන් කළාය.
ඉඩම් ලේඛන පරීක්ෂා කිරීමේ මාර්ගගත සේවාව යටතේ අන්තර්ජාලය හරහා පත්ඉරු පරීක්ෂා කිරීමේ සේවයක් ද රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව මෙම වසරේ ජනවාරි මාසයේ දී ආරම්භ කළේය.
2025 දෙසැම්බර් මස 16
57
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
853
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
612
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඉඩම් ඔප්පු හා ඇටෝනි බලපත්වලටත් ජංගම සේවයක්