
(අංජුල මහික වීරරත්න)
ඉදිරි මාස 03ක කාලසීමාවෙි අමු ඉඟුරු මෙට්‍රික්ටොන් 3000ක් රජයේ වානිජ නීති ගත සංස්ථාව මඟින් අදියරගතව ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ඉඟුරු නිෂ්පාදනය සඳහා පහසුකම් සලසමින්, දේශීය වෙළෙඳපොළ තුළ පාරිභෝගිකයාට දැරිය හැකි මට්ටමකට ඉඟුරු වල සිල්ලර මිල අඩු කිරීමේ හැකියාව එක්ව සොයා බලා, ඒ සම්බන්ධයෙන් යෝග්‍ය නිර්දේශ සහිත වාර්‌තාවක් ඉදිරිපත් කරන ලෙස කෘෂිකම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්ට සහ වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ ලේකම්ට 2024-07-15 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී උපදෙස් ලබා දී ඇත. ඒ අනුව, ඉදිරිපත් කරන ලද වාර්තාවේ නිදේශ මත පදනම්ව මෙම පියවර ගෙන තිබේ.
කෘෂිකර්ම සහ වැවිලි කර්‌මාන්ත අමාත්‍ය සහ වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ ඉඟුරු කෑල්ලක්, බිත්තරයක් ,හාල් ඇටයක් හදාගන්න බැරි තරමටම රට පහතට ගිහිල්ලා .මුන්ට ඕන ඔක්කොම පිටරටින් ගෙන් මෙන්න මේක තමයි මුන් මෙච්චර කල් හදපු රට . අපේ රටේ බත් කන සමහරක් තවමත් ඒගොල්ලොන්ට හුරේ දාගෙන යනවා. අපි ගැන හිතලා නෙවෙයි අනාගතේ දරුවෝ ගැන හිතලා හරි වෙනසක් හිතපල්ලා. අපි වෙනස් වෙන්නැතුව අපිට ඉදිරි ගමනක් නෑ අපි මැරිලයයි .අඩුගානේ රටක් හරි අනාගතේ ඉන්න මිනිස්සුන්ට හරි හොඳ කලක් හදන්න නිවැරදි තීරණ ගනිල්ලා.
මොන ලැජ්ජාවක්ද! මෙහෙම රටක් තමයි දේශපාලකයින් නිර්මාණය කළේ.
ඉඟුරු වගේ මේ රටේ කිසි කරදරයක් නැතුව හොඳට වගා කරන්න පුළුවන් දේවලුත් රටින් ගේන්න වෙලා තියෙනවා නම් මේ කෘෂිකර්ම ඇමැතිගෙන් නම් සත පහක වැඩක් නැහැ. මෙලෝ හසරක් දන්නා මනුස්සයෙක් නෙවෙයි..
මෙහෙම ආනයනය කරන්න නම් අප රටට ඉතා පැරණි යැයි කියන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවක් තව දුරටත් අවශ්‍ය ද?