IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ඉඟිනියාගලින් අතුරුදන් වූ දරු දෙදෙනා මීගහවත්තෙන් හමුවේ

(ඩබ්ලිව්.ඩී.ඵමි විතානගේ,නවරත්න සමරතුංග සහ සුදත් පුබුදු කීර්ති )

ඉඟිනියාගල පොල්වත්ත ප්‍රදේශයෙන් අතුරුදහන් වු බව කියන සිසුවියන් දෙදෙනා  අකුරුමුල්ල ප්‍රදේශයේ නිවෙසක සිටියේදී සොයා ගත් බව මීගභවත්ත පොලිසිය පවසයි.

ඉඟිනියාගල පාසලක එකම පන්තියේ අධ්‍යාපනය ලබන මෙවර අ.පො.ස.සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින මේ සිසුවියන් දෙදෙනා ඉකුත් 15 වැනිදා සිට අතුරුදන් වී සිටි අතර මේ දෙදෙනා දහසය හැවිරිදි වියේ පසුවන සිසුවියන් වන බවද පොලිසිය සදහන් කරයි.

මීගභවත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඩබ්ලිව්. කේ.විජේතිලක මහතාට ඉඟිනියාගල පොලිසිය  ලබා දුන් තොරතුරු මත මේ සිසුවියන් දෙදෙනා මෙසේ සොයා ගැනීමට හැකිවු බවත් පොලිසිය කියයි.

මේ සිසුවියන් දෙදෙනා අතුරුදහන්වීම සමිබන්ධව ඔවුන්ගේ මවුවරුන්  ඉඟිනියාගල පොලිසියට පැමිණිලි කර තිබු බවද පොලිසීය කීය.

මේ සිසුවියන් දෙදෙනා කොළඹට පැමිණිමෙන් පසුව එක් සිසුවියක්   සමග පෙම් සම්බන්ධතාවයක් පවත්වන තරුණයාට කතා කොට ඔහු මුණ ගැසීමෙන් පසුව එම තරුණයා  ඔහුගේ මිතුරකුගේ අකුරුමුල්ලේ නිවෙසකට රැගෙනවිත් ඔවුනට නවාතැන් ලබා දී තිබෙන බවත් පොලිසිය කීවේය.

මේ සිද්ධිය පිළිබඳව මීගභවත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඩබ්ලිව්. කේ. විජේතිලක මහතා වැඩිදුර පරික්ෂණ මෙහෙයවයි.

 



අදහස් (3)

ඉඟිනියාගලින් අතුරුදන් වූ දරු දෙදෙනා මීගහවත්තෙන් හමුවේ

කිරිපුතා Friday, 23 June 2023 12:06 AM

කොයිතරම් අපරාධ වෙනවද ගෑණු ළමයින් ට. මාධ්‍ය වල ඒ විස්තර යනවනෙ. ඒත් තව තවත් මේ ළමයින් විහින් කරදරේ වැටෙනවා. කාරයේ වරදක්ද මන්දා !!

:       0       10

Lalla Friday, 23 June 2023 08:27 AM

බාලවයස්කාර දරුවන්ට මව්පිය හෝ නීතිමය අවසර නැතිව නවාතැන් දෙන එවුන්ට රජකාලේ දඬුවම් දෙන්න ඕන....

:       0       8

Bunny Preena Friday, 23 June 2023 08:58 AM

මට කළුතර හෝටලයෙ සිද්ධිය මතක් උනා. දෙමවුපියන්ට තම දරුවන්ගෙන් සහ ඔවුනගෙ යහලුවන්ගෙන් තවත් හොඳට හොයලා බලන්ට වෙයි වගෙ.

:       1       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 516 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1063 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site