
(අංජුල මහික වීරරත්න)
තෙදින නිල සංචාරයක නිරත එක්සත් රාජධානියේ රාජකීය ඈන් කුමරිය (Her Royal Highness Princess Anne, the Princess Royal) සහ ඇයගේ සැමියා වන වයිස් අද්මිරාල් ශ්‍රීමත් තිමොති ලෝරන්ස් මහතා (Vice Admiral Sir Timothy Laurence) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූහ.
කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී මෙම හමුව සිදුවිය.
කොටුව ජනාධිපති මන්දිරයට පැමිණි ඈන් කුමරිය ඇතුලු රාජකීය දූත පිරිස විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා විසින් මහත් හරසරින් පිළිගනු ලැබීය.
අනතුරුව ඈන් කුමරිය ඇතුලු පිරිස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය සමඟ සුහඳ කථා බහකට එක් විය.
මෙම අවස්ථාව සනිටුහන් කරමින් ඈන් කුමරිය ජනාධිපති මන්දිරයේ තැන්පත් කර ඇති විශේෂ අමුත්තන්ගේ සමරු පොතෙහි සටහනක්ද තැබීය.
හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග, සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොල, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ෂවේන්ද්‍ර සිල්වා මහත්ම මහත්මීහු ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


2025 දෙසැම්බර් මස 18
208
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
167
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඈන් කුමරිය ජනපති හමුවෙයි
Dilshan Thursday, 11 January 2024 11:28 AM
අපේ ජනාධිපතිතුමාගේ අසුන් ගැනීම හොඳයි.
රනිල් වික්‍රමසිංහ Thursday, 11 January 2024 12:10 PM
මේ ඈන් ඒක නෙමෙයි පොඩි ලෝන් එකක් දාගන්න බැරිද
Prabha Thursday, 11 January 2024 02:56 PM
එළිසබෙත් රැජිණ අරයට නම් අතදුන්නේ මේස් ගලවලාලු...
Perera Thursday, 11 January 2024 05:25 PM
රනිල්ගේ පොඩ්ඩක්වත් තේජස් පෙනුමක් නැහැ..