IMG-LOGO

2024 ජුලි මස 14 වන ඉරිදා


ඈන් කුමාරියට අශ්වයකුගෙන් පා පහරක්

අශ්වයකුගේ පහර කෑමකට ලක්වුණු බ්‍රිතාන්‍යයේ ඈන් කුමරිය රෝහල්ගත කර ඇතැයි බකිංහැම් මාලිගය පවසයි. රෝහල්ගත කළ ඈන් කුමරියගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

73 හැවිරිදි ඈන් කුමරිය තුවාල ලැබූ බව පැවැසෙන්නේ අශ්වයා එල්ල කළ පා පහරකින් බව ඇතැම් වාර්තා පැවැසුවත්, ඒ බව නිල වශයෙන් තහවුරු වී නැත.

ඈන් කුමරිය අශ්වයන්ට ප්‍රිය කරන්නීය. ඇය බ්‍රිතාන්‍ය රාජකීය අශ්වාරෝහක බලඇණියේ සාමාජිකාවක ද වෙයි. 1976 වසරේ කැනඩායේ මොන්ක්‍රියාල් ඔලිම්පික් උළෙලට ඇය තුරඟ තරගකාරියක සහභාගී වූවාය. ඒ, බ්‍රිතාන්‍ය අශ්වාරෝහක කණ්ඩායමේ සාමාජිකාවක ලෙසිනි. ඔලිම්පික් ක්‍රීඩා උළෙලකට සහභාගී වූ පළමු බ්‍රිතාන්‍ය රාජකීයයා ද ඈන් කුමරියයි.

සිය වැඩිමල් සොහොයුරු මෙන්ම, බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජුගේ ද දෙවැනි අත ලෙස හැඳින්වෙන්නේ ද ඈන් කුමරියයි.  ශ්‍රී ලංකාව සහ මහා බ්‍රිතාන්‍යය අතරේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ වී, වසර 75 ක් සපිරීම නිමිත්තෙන් මෙම වසර මුලදී බ්‍රිතාන්‍යයේ ඈන් කුමරිය තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණියාය. ඒ, ඇගේ සැමියා වයිස් අද්මිරාල් ශ්‍රීමත් ටිම් (තිමොති) ලොරන්ස් ද සමඟය. 

(බීබීසී)

 



අදහස් (4)

ඈන් කුමාරියට අශ්වයකුගෙන් පා පහරක්

fairoos Tuesday, 25 June 2024 12:59 PM

ලංකාවට සංචාරය කරන අයටනම් හොඳ කාලයක් නෙමෙයි වගේ ඉක්මන් සුවය

:       2       6

Edirimanna Tuesday, 25 June 2024 01:11 PM

දැන් අවශ්වයෝ පදින්න බෑ නේ වයසත් එක්ක

:       0       7

lakvidu Tuesday, 25 June 2024 06:58 PM

මෙහෙ වගේ එහෙත් පැට්රෝල් ගනං ගිහිං විරෝදෙ පාන්නද අස්පය පිටේ ගියේ?

:       0       3

chandana Wednesday, 26 June 2024 03:50 AM

අපේ රජතුමාවත් ඒ අශ්වයා පිටේ යැව්වා නම් ?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ට්‍රම්ප්ට වෙඩි තියලා !
2024 ජුලි මස 14 241 0

පෙන්සිල්වේනියාවේ මැතිවරණ රැළියක් අතරතුරේ, හිටපු ජනාධිපති ප්‍රතිවාදී රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාරයක් එල්ල විය.


වසන්ත යද්දී මධූෂ් සිහිකරලා
2024 ජුලි මස 13 2300 0

පොලිස් වෙඩි ප්‍රහාරයකින් මියගිය මාකඳුරේ මධූෂ් නැමැත්තාගේ ඡායාරූපයක් සහිත බැනරයක් මහරගම ගොඩිගමුව ’’ නිදහසේ නවාතැන’’ සූසාන භූමිය ඉදිරිපිට ආරක්ෂක තාප


එගොඩපිටිය චෛත්‍යයක කැණිම් කළ 5 ක් අල්ලති
2024 ජුලි මස 13 353 0

කරුවලගස්වැව එගොඩපිටිය ප්‍රදේශයේ වසර දහසකට ඉපැරණි චෛත්‍යයක කැණිම් කරමින් සිටි සැකකරුවන් 5 දෙනෙකු වනජීවි තොරතුරු මත කරුවලගස්වැව පොලිස් නිළධාරීන් සමඟ


විම්බල්ඩන් ටෙනිස් තරඟය බලන්න කේට් එයි
2024 ජුලි මස 13 531 0

පිළිකා රෝගයට ප්‍රතිකාර ගැනීම සඳහා රාජකීය වැඩකටයුතු වලින් දුරස්ව සිටි කේට් කුමරිය හෙට(14) පැවැත්වෙන විම්බල්ඩන් ටෙනිස් තරඟාවලියේ අවසන් තරඟය නැරඹීමට පැම


නීතා අම්බානි අමුත්තන්ගේ නෙත් සොරා ගනී
2024 ජුලි මස 13 1955 0

ඉන්දියාවේ ධනවත්ම පුද්ගලයා වන මුකේෂ් අම්බානිගේ පුත් ආනන්ත් අම්බානි සහ රාධිකා මර්චන්ට්ගේ තෙදින විවාහ උත්සවයට පැමිණි අමුත්තන් සියල්ලන්ගේම නෙත් සොරා ග


සරසවි වර්ජනයෙන් පාඩුව කෝටි 1200ක්
2024 ජුලි මස 13 499 0

දුම්රිය, සෞඛ්‍ය අධ්‍යාපනය සහ විදුලිය ඇතුළු රටේ විවිධ අංශවල ප්‍රධාන වැඩ වර්ජන දෙසීයකට වැඩි සංඛ්‍යාවක් පසුගිය වසර පහක පමණ කාලයේදී ක්‍රියාත්මක වී ඇ


මේවාටත් කැමතිවනු ඇති

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 7 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 906 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1786 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

Our Group Site