(අප්සරා යෝසිත් විජේසූරිය)
ඇහැලියගොඩ කලාපයේ සියලු පාසල් නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට රත්නපුර කොරෝනා මර්දන බලකා කමිටුව තීරණය කළ බවත් පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කපිල කන්නන්ගර මහතා පැවසුවේය.
රත්නපුර දිස්ත්‍රික්කයෙන් 25 දින සිට ගතගතවු පැය 24 ක කාලය ඇතුලත කොවිඩ්-19 ආසාදිතයින් 44 ක් හදුනාගෙන ඇති අතර, එම රෝගීන්ගෙන් සියලුදෙනාම ඇහැලියගොඩ දිවුරුම්පිටියේ කර්මාන්තශාලාවක කොවිඩ්-19 ආසාදිතයින්ගේ ආශ්‍රිතයන් බව හඳුනාගෙන ඇතැයිද මෙම තත්වය මත පාසල් තාවකාලිකව වසාදැමීමට තීරණය කළ බවද කන්නන්ගර මහතා කීවේය.
මෙම කොවිඩ්-19 ආසාදිතයින් 44 අතර එක්අයෙකු රත්නපුරපොලිසියේ ඉහළ නිලධාරින්ගේ කාර්යාලක සේවය කරන වයස අවුරුදු 50 ඉක්මවූ අයෙකු බවත් සෞඛ්‍ය අංශ පවසයි.දෙදරු පියෙකු වන ඔහු සහ පවුලේ සාමාජිකයන්, සේවා ස්ථානයේ සමීප ආශ්‍රිතයන්ද ඇතුළත්ව හයදෙනකු (06) පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කර ඇතිබව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
මෙම කොවිඩ් ආසාදිත පුද්ගලයන් 44 ම දිවුරුම්පිටියේ,කර්මාන්තශාලාවක සේවය කළ කොවිඩ්-19 ආසාදිතයින්ගේ ආශ්‍රිතයන් බව හදුනාගෙන ඇතැයි සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා කරුණු දක්වමින් පැවසීය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ඇහැලියගොඩ පාසල් වසාදමයි