IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


ඇසළ පෙරහර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහර

(චමිල් රූපසිංහ)
 
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහර ශ්‍රී දළදා මාලිගාව අභියසින් දකුණු දිශාභිමුඛව පිටත්වීම ඊයේ රාත්‍රියේදී ඇරඹිණි. පෙරහර දළදා වීදිය, ඩී.එස් සේනානායක වීදිය ඔස්සේ පන්සල පාරේ ඉහළට පැමිණ දේව වීදිය, කොළඹ වීදිය, යටිනුවර වීදිය, සේනානායක වීදිය ඔස්සේ ගමන් ගත් බව මහනුවර ශ්‍රී දළඳා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පැවැසීය.
 
ජනතා සහභාගිත්වයෙන් තොරව මෙම ඇසළ පෙරහැර මංගල්‍ය පැවැත්වීමට සිදුව ඇති මුත් පෙර පැවති පරිදිම සියලුම අංග ඇතුලත්ව පෙරහැර පැවැත්වුණු බවද ඒ මහතා සදහන් කළේය.
 
දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා එහිදි සදහන් කරනු ලැබුවේ සෞඛ්‍ය හේතුන් මත සෞඛ්‍ය බලධාරින්, ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීම පරිදි  මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහානායක ස්වාමින් වහන්සේලාගේ අවවාද අනුශාසනා මත රටේත් ජනතාවගේත් ආරක්ෂාව සඳහා මෙම තීරණය ගැනීමට සිදුවී ඇති බවය. ඒ සම්බන්ධව කනගාටුව පළ කරනු ලබන බවත් ජනතාවට තමන්ගේ නිවසේ සිට ම රූපවාහිනි නාලිකා ඹස්සේ මෙම ඇසළ පෙරහැර දැක බලා ගැනීමේ අවස්ථාව උදාකර දි ඇති බවද දියවඩන නිළමේ තුමා සදහන් කළේය.
 
සතර මහ දේවාලයන්හි සුබ නැකතට කප් සිටුවීමෙන් මහනුවර ඇසැළ පෙරහර මංගල්‍යය පසුගිය 21 දා ආරම්භ විය.
 
දේවාල අභ්‍යන්තර පෙරහර 21 දින සිට 24 දක්වා පැවැත් විණි.කුඹල් පෙරහර දින පහක් වීදි සංචාරය කිරීමෙන් පසු 30 දින ප්‍රථම රන්දෝලි පෙරහර වීදී සංචාරය අරඹයි.



අදහස් (0)

ඇසළ පෙරහර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 34 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2001 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1555 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site