IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


ඇසළ පෙරහරට ගිය නැටුම් කණ්ඩායම්වල 15 කට කොරෝනා

( ඩී.ජී.සුගතපාල)

කතරගම මහා දේවාලයේ ඇසල පෙරහරට සහභාගිවු නැටුම් කණ්ඩායම්වල 15 දෙනකුට කොරෝනා ආසාදනයවි ඇති බවට තහවුරුවි ඇතැයි දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.

ගාල්ල ප්‍රදේශයෙන් ගොස් ගුරු ගෙදර විශ්‍රාම ශාලාවේ නතරව සිටි නැටුම් කණ්ඩායමක 11කුටද මාතර ප්‍රදේශයෙන් ගොස් තරුණ බෞද්ධ සංගම් විශ්‍රාම ශාලාවේ නතරව සිටි පන්දම් කණ්ඩායමේ 04කුටද මෙසේ කොරෝනා ආසාදනයවි තිබේ.

මෙම නැටුම් කණ්ඩායම්වල සාමාජිකයින්ට පෙරේදා (18) සිදුකරන ලද ඇන්ටිජන් පරික්ෂණවලදි ආසාදිතයින් බවට තහවුරුවි ඇත.

මෙම ආසාදිත නැට්ටුවන් කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානවෙත යොමු කිරිමටද ඔවුන්ගේ ආශ්‍රිතයින් නිරෝධායනය කිරිමටද පියවර ගෙන ඇති බවද දකුණු පළාත් සේඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.



අදහස් (7)

ඇසළ පෙරහරට ගිය නැටුම් කණ්ඩායම්වල 15 කට කොරෝනා

සමිත සේනක අලුත්ගමගේ. Monday, 19 July 2021 10:59 AM

දෙවියන්ට වුණත් පෙනෙනවා ලෝකේ පුරා පැතිරෙන මේ වසංගතයේ භයානකකම ගැන... ඒත්, දෙවියන්ටත් උපදෙස් දෙන සාස්තර කාරයින්, දේවාල කපුවන්, සමාජ මාධ්‍යයන් අරක්ගෙන සිටින සියල්ල දත්.., තමන් ගැන පමණක් නොදන්නා අනාවැකි කරුවන් එකහෙළාම දැඟලුවේ මේ පෙරහැර උත්සවය තියන්න. ඒත්, කොරෝනා බෝ වුණාම, ඒ වගකීම ගන්න එකම බක පණ්ඩිතයෙක් වත් නැහැ. ඒ ගැන සද්දයක් නැහැ.

:       20       87

ගගන Monday, 19 July 2021 11:04 AM

දැන් ඉතින් තරිකිට කුන්දන් තා කියලා කොරෝනා වාට්ටුවට හැරෙන එකයි කරන්න ඇත්තේ... හොඳ වුණාම හනිකෙන් ආයේ ගෙදර යන එකයි කරන්න ඇත්තේ...

:       0       40

මුණසිංහ Monday, 19 July 2021 11:24 AM

මේ සියළු දෙනා නිසි ක්‍රමවේද අනුගමනය කර නැති බව පේනවා. යන්න කලින් පොසිටිව්ද කියලා තහවුරු කිරීම.. ගියාට පසු ආරක්ෂිත පියවර අනුගමනය කිරිම නිසි පරිදි වූවා නම් මෙවැනි දේ සිදුවෙන්න බැහැ. ඉතා කණගාටුදායකයි...

:       0       57

සමන් විමලධර්ම Monday, 19 July 2021 11:41 AM

දෙයියෝ සාක්කි...!

:       10       53

විමල් - මඩවල Monday, 19 July 2021 11:55 AM

ඊළඟට කඨින පිංකම් රැල්ල එන්නේ... දැන්මම කිසිම පරිස්සමක් නැතුව ගම්පහ කිට්ටුව පන්සල්වල ධාතු ප්‍රදර්ශන තියන්න සැලැසුම් කරනවා...

:       0       57

Nihal Monday, 19 July 2021 02:05 PM

ඔය යන විදිහට දෙවියන්ටත් බෙහෙත් විදගන්න වෙනවා..

:       16       4

මිස්සක රත්නසේන Monday, 19 July 2021 02:05 PM

දෙවියන් මේ මිනිස්සුන් දිහා බලලා නැහැ වගෙයි... ලවුඩ්ස්පීකර් රතන සූත්‍රය, කුණ්ඩලණී කලගෙඩි, ධම්මික පැණි, දේව යාතිකා වගේ දේවල් වලින් වසංගත රෝග සුව කරන්න බැරිබවට තවත් ඉතාම හොඳ සාක්ෂියක්... මේ දේ නුවර පෙරහැරේ වෙන්න වුණත් පුළුවනි. සම්මුති ලෝකයේ මෙම රෝග තත්වයන්ගෙන් මිදෙන්න නම් සම්මුති ලෝකයේම ප්‍රතිකාර ඕනෑ. ගුප්ත දේවල් වලින් මේ දේවල් සුව කරන්න බෑ..

:       0       25

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 28 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 875 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2509 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site