IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ඇස්වලට මිරිස් ගසා ලක්ෂ තුනහමාරක රන්මාලය කොල්ලකාලා

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

බොරලන්ද  ප්‍රදේශයේ පිහිටි නිවසකට පෙරේදා 22 වෙනිදා රාත්‍රී කාලයේ කඩා වැදී එම නිවසේ සිටි හැත්තැ දෙහැවිරිදි කාන්තාවකගේ ඇස් වල මිරිස් කුඩු තවරා  ගෙල සිර කර  රුපියල් 348,000 වටිනා රන් මාලය කඩා ගත් බව කියන කාන්තාවක් බෝගහකුඹුර පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවාය. 

මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 42 හැවිරිදි කාන්තාවකි. 

හැත්තෑ දෙහැවිරිදි කාන්තාව පෙරේදා රාත්‍රියේ මුළුතැන්ගෙය තුළ ආහාර ඉර කරමින් සිටියදී එක්වරම පිටුපසින් පැමිණි සැගේ ඇස් වල මිරිස් කුඩු තවරා ඇය ගෙල බැඳ සිටි  මාලය කඩා ගෙන ඇතැයි පොලිසිය පවසයි.

ඒ අවස්ථාවේ  කඩා ගත් රන් මාලයසැකකාරිය අතින් ගිලිහී ගොස්  පිඟන් රාක්කයේ  රැඳී ඇතැයි පොලිසිය කියයි
පසුව සැකකාරිය පලාගොස් ඇතැයි පොලීසිය කියයි. 

පිඟන්  රාක්කයේ රැඳී තිබූ මාලය පසුව   සොයා ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව සම්බන්ධයෙන් බෝගහකුඹුර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි
ඇස් වල  මිරිස්කුඩු තැවරීම නිසා සහ ගෙල මිරිකීම නිසා  කාන්තාව වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහල් ගත කරනු ලැබූ බවද පොලිසිය සඳහන් කරයි.



අදහස් (0)

ඇස්වලට මිරිස් ගසා ලක්ෂ තුනහමාරක රන්මාලය කොල්ලකාලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 218 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site