IMG-LOGO

‍‍ඇල්ලේ ගින්න දුම්රිය මාර්ගය දෙසට

(ප්‍රසාද් රුක්මල්)

ඇල්ල පොලිසිය ආසන්නයේ පයිනස් වනරක්ශිතයේ හට ගත් ගින්න අද (26) දෙවන දිනටත් ඇල්ල අහස්නවය ආරුක්කු පාලම දෙසට පැතිර යමින් පවතින බවත් මෙම ගිනිතැබීම සිදුකල බවට සැකපිට ඇල්ලේ සංචාරක හෝටලයක කලමනාකරුවෙකු අත් අඩංගුවට ගත් බව ඇල්ල පොලිසිය පවසයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බණ්ඩාරවෙල ඇත්තලපිටිය ප්‍රදේශයේ පදිංචි ඇල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයක කලමනාකරුවෙකු ලෙස රැකියාව කරන 33 හැවිරිදි පුද්ගලයකු යැයි පොලිසිය කීය .

මොහු ඊයේ (25) පස්වරුවේ  කැලිකසල ගොඩක් හෝටලය ආසන්න පරිශ්‍රයේදී ගිනිතබා ඇති බවත් , පසුව එහි ගිනිදැල් ක්‍රමයෙන් ඒ අසල පිහිටි පයිනස් වනරක්ශිතය දෙසට පැතිර යාමත් සමග මෙසේ පයිනස් වනරක්ශිතයේ ගින්න හටගත් බවද පොලිසිය සදහන් කලේය .

ඇල්ල පොලිසිය වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ,බණ්ඩාරවෙල මහ නගර සභාවේ ගිනිනිවිම් ඒකකය මෙන්ම දියතලාව යුධ හමුදා කදවුරේ නිළධාරින් එක්වී පැතිර යමින් තිබු ගින්න කොළඅතු යොදා ගනිමින් ගිනිපටි කපමින් මැඩපැවත්වීමට උත්සාහ කලද ඇල්ල ප්‍රදේශයේ පවතින දැඩි වියලි දේශගුණික තත්ත්වය ත්  සමග ගින්න වනරක්ශිතයේ සීග්‍රයෙන් පැතිර යමින් පවතින බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි .

ඇල්ල පොලිසිය ආසන්නයේ පයිනස් වනරක්ශිතයේ හට ගත් ගින්න අද (26) දහවල් වනවිටත් උඩරට දුම්රිය මාර්ගයේ ඇල්ල අහස් නවය ආරුක්කු පාලම ආසන්න දුම්රිය මාර්ගය ආසන්නයට පැතිර යමින් තිබිනැයි ඇල්ල පොලිසිය සදහන් කලේය .

කෙසේ වෙතත් ගින්න උඩරට දුම්රිය මාර්ගයට පැතිර යන්නට ඉඩනොදී යුධ හමුදා නිළධාරින් වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරින් මහත් වෙහෙසක් දරමින් කොළ අතු යොදා ගනිමින් රේක්ක භාවිතා කරමින් ගිනිපටි කපාදමම්න් ගින්න මැඩපැවත්වීමේ කටයුතු වල නිරතව සිටින බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය .

ගින්නෙන් මේවනවිටත් අක්කර දහයකට ආසන්න ප්‍රමාණයක් විනාශ වී පයිනස් ගස් රැසක් විනාශ වී ගොස් ඇතයි පොලිසිය සදහන් කර සිටියේය .

බණ්ඩාරවෙල ජේෂ්ඨ පොලිස් අධිකාරි ඒ .ඒ.ආර් පී අමරසිංහ පොලිස් අධිකාරි ඩී බී එච් කළණසිරි සහකාර පොලිස් අධිකාරි iv රුවන් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ උපදෙස් මත ඇල්ල වැඩබලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච් .පී.පාලිත මහතා ඇතුළු නිළධාරින් වැඩ්දුර පරීක්ෂණ පවත්වති .

 අත් අඩංගුවට ගත් සැකකරු බණ්ඩාරවෙල අධිකරනයට ඉදිරිපත් කිරිමට නියමිතය .



අදහස් (1)

‍‍ඇල්ලේ ගින්න දුම්රිය මාර්ගය දෙසට

ගුණරත්න Friday, 27 June 2025 08:07 AM

කැලිෆෝනියාව වගේ ලංකාවේ ලැවුගිනි හැදෙන කාලගුණය නැහැ, කැලේ ගින්නක් හැදුනොත් ඒ කවුරුහරි පාදඩයෙක් ගිනි තැබීම් කරපු නිසා තමයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 313 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 798 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site