IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ඇල්ල කරදගොල්ල මලිත්තගොල්ල නායයාම යලි සක්‍රිය වෙයි

(ප්‍රසාද් රුක්මල්)

ඇල්ල කරදගොල්ල මලිත්තගොල්ල ප්‍රදේශයේ නායයාම යලි සක්‍රිය වීමට පටන් ගෙන ඇතයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය  අද (12) පැවසීය .

මීට පෙර මාස කීපයකට ඉහතදී කරදගොල්ල මලිත්තගොල්ල ප්‍රදේශයේ නායයාමට පටන් ගත් බවත්  පසුව එය ක්‍රමයෙන් අවම වී යලි පවතින වර්ශාවත් සමග මෙසේ නායයාම සක්‍රිය වීමට පටන් ගෙන ඇති බවත් ඇල්ල  ප්‍රාදේශීය ලේකම් ඉංදික ගයාන් පතිරණ මහතා සදහන් කලේය.

විශේෂයෙන් මේ සිංහල හින්දු අලුත් අවුරුද්දට විශාල පිරිසක් නෑගම් සහ විනෝද චාරිකා යාමට මෙම ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය භාවිතා කරන බවත් මෙම මලිත්තගොල්ල ප්‍රදේශයේ නායයාම යලි සක්‍රිය වීමත් සමග විශාල අනතුරුදායක තත්ත්වයක් උදා වී තිබෙන හෙයින් ජනතාවට රථ වාහන රියැදුරන්ට දැඩි විමසිල්ලෙන් කල්පනාකාරිව ආරක්ශිතව අවධානයෙන් මෙම මාර්ගයේ ගමන් කරන ලෙසට දැනුම් දෙයි .

කරදගොල්ල මලිත්තගොල්ල ප්‍රදේශයේ නායයාම සක්‍රිය වීමට පටන් ගත් ස්ථානයේ ජල පහරක් ගලා යමින් පවතින අතර, මේ සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයට අදාළ පරීක්ෂණ කටයුතු සිදු කරන ලෙසට දැනුම් දී තිබෙන බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි .



අදහස් (0)

ඇල්ල කරදගොල්ල මලිත්තගොල්ල නායයාම යලි සක්‍රිය වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 220 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site