IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ඇමෙරිකාවේ ඉවත්වීම ගැන WHO නිවේදනයක්

(විමුක්ති එස් රුද්‍රිගු)

ඇමෙරිකා එක්සත් ජනපදය සිය සංවිධානයේ සාමාජිකත්වයෙන් ඉවත්වීමට ගත් තීරණය පිළිබඳව කණගාටුවට පත්වන බවත් ඒ පිළිබඳව නැවත ඇමෙරිකාව සිතා බලනු ඇතැයි අපේක්ෂා කරන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

හදිසි සෞඛ්‍ය අවස්ථා හඳුනාගැනීම, වැළැක්වීම සහ ප්‍රතිචාර දැක්වීම මෙන්ම අනෙක් අයට ළඟාවීමට නොහැකි ස්ථානවලට ගොස් රෝග සඳහා මුල්වන හේතුවලට විසඳුම් සෙවීම, ශක්තිමත් සෞඛ්‍ය පද්ධති ගොඩනැගීම තුළින් ඇමරිකානුවන් ඇතුළු ලෝක ජනතාවගේ සෞඛ්‍යය සහ ආරක්ෂාව ආරක්ෂා කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය තීරණාත්මක කාර්යභාරයක් ඉටුකරන බව එම නිවේදනයේ දැක්වේ.

ඇමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ආරම්භ සාමාජිකයකු බවත් දශක හතක කාලය තුළදී ඇමෙරිකාව සහ ලෝක සෞඛ්‍ය සංවිධානය එක්ව ජීවිත විශාල සංඛ්‍යාවක් බේරාගෙන ඇති බවත් එම නිවේදනයේ සඳහන් වේ.

ඇමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජිකත්වයෙන් ඉවත්වන බවද ඇමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේය. කොවිඩ් වසංගතය ඇතුළු ගෝලීය සෞඛ්‍ය අර්බුද ලෝක සෞඛ්‍ය සංවිධානය නිවැරදිව කළමනාකරණ නොකළ බව චෝදනා කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම තීරණය දැනුම් දුන්නේය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දේශපාලන බලපෑම්වලින් මිදී කටයුතු කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය අපොහොසත් වූ බවට ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කළේය. අනෙක් සාමාජික රටවලට සාපේක්ෂව ලෝක සෞඛ්‍ය සංවිධානය අසාධාරණ අයුරින් විශාල ගෙවීම් ඇමෙරිකාවෙන් බලාපොරොත්තුවන බවද ඩොනල්ඩ් ට්‍රම්ප් කීය.

 



අදහස් (3)

ඇමෙරිකාවේ ඉවත්වීම ගැන WHO නිවේදනයක්

Perera Wednesday, 22 January 2025 05:32 AM

ඕක පටිපස්සේ ඇත්තේ ඖෂධ කම්පැනි මාෆියාව. ට්‍රම්ප් ඉතින් කම්පැනි කාර්යාලයනේ.

:       7       3

fairoos Wednesday, 22 January 2025 10:54 AM

කොරෝනා වලට බ්ලීචින් බොන්න කියපු කෙනා නේද?

:       2       1

Lalla Wednesday, 22 January 2025 11:12 AM

මේ කථාව අපටත් අදාලයි. අපේ රටේත් මූල්‍යමය සහනාධාර ගත්තු කිසිවෙක් තවම ගොඩ ඇවිත් නෑ. සදාකාලික සහනාධාර පෝලිම්වල. ඕනෑවට වඩා ආධාර දීමත් නරක අතට හැරෙන්නට. ස්වාධීන වීම කවදාවත්ම වෙන්නේ නෑ.

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site