
(විමුක්ති එස් රුද්‍රිගු)
ඉරානය පසුගියදා ඊශ්‍රායලයට එල්ල කළ බැලස්ටික් මිසයිල ප්‍රහාරයට පිළිතුරු ලෙස ඉරාන තෙල් පිරිපහදුවලට පහර දීම පිළිබඳව සාකච්ඡා කළ බවත් කෙසේ වෙතත් එම ප්‍රහාරය ඊයේ (03) එල්ල නොවෙනු ඇති බවත් ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් ධවල මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.
ඊශ්‍රායලය ඉරාන තෙල් පිරිපහදුවලට පහර දීම අනුමත කරනවාද යැයි මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමෙරිකා ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.
ජනපති බයිඩන්ගේ මෙම ප්‍රකාශයත් සමග ලෝක බොරතෙල් වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල සියයට 5 ක ප්‍රතිශතයකින් අද(03) ඉහළ ගියේය. මෑතකදී ඇමෙරිකාව ලබාදුන් උපදෙස්වලට ඊශ්‍රායල වැඩි අවධානයක් යොමු නොකළත් ඉරානයට එල්ල කරන ප්‍රහාරය හදිසියේ සිදු නොකරනු ඇතැයි තමන් විශ්වාස කරන බව ජනපතිවරයා ප්‍රකාශ කළේය.
ඇමෙරිකාව ඊශ්‍රායලයට උපදෙස් ලබාදීම පමණක් සිදුකරන බවද ඔහු පැවැසුවේය. ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්‌ථාන වෙත ප්‍රහාර එල්ල කිරීමට ඊශ්‍රායලයට සහාය ලබා නොදෙන බව ජනපති බයිඩන් ඊයේ(02) ප්‍රකාශ කළේය.
බොරතෙල් මිල ඉහළ යාම ඉදිරියේදී පැවැත්වෙන ඇමෙරිකානු ජනාධිපතිවරණයේදී උප ජනාධිපති හැරිස්ට අවාසියක් විය හැකි බවද දේශපාලන විචාරකයෝ පැවැසූහ.
2025 නොවැම්බර් මස 17
26
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
875
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2508
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ඇමරිකාව ඉරාන තෙල් පිරිපහදුවට බැට දෙන්න යයි
Perera Friday, 04 October 2024 10:14 AM
ඇමරිකාවටත් අනුන්ගේ දෙවල් වලට ඇඟිලි නොගහා ඉන්න බැරි හැටි
Rohana Friday, 04 October 2024 04:40 PM
බයිඩන්කාරයා ඉරාන තෙල් පිරිපහදුවට ගහලා යුද්ධය අවුලුවන්න හදනවා. මේවාට UN එක කිසි විරෝධයක් දක්වන්නේ නෑ. UN එක ඇමරිකාවට ඉහළින් යන්නේ නෑ...
Deepal Nirosh Friday, 04 October 2024 08:45 PM
අනේ කෝ අපේ මේ මානව අයිතිවාසිකම් හිමිකාරතුමිය? දැන් එ.ජා.සං. ඉවත් වෙලාවත්ද...?
Chamara Saturday, 05 October 2024 02:57 AM
ඉන්දියාව ප්‍රධාන ඉරාන තෙල් ගැනුම්කරුවෙක්. ඉන්දියාව මේකටම ඉරනයෙ වරායකුත් හදනවා. ඇමරිකාව ඉරාන තෙල් පිරිපහදු වලට පහර දෙන්න ඉශ්‍රායලේට උදව් කරන එකට ඉන්දියාව නිකම් ඉන්න එකක් නෑ