IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ඇමෙරිකා පාලමේ හැපුණු ඩාලි හසුරුවා ඇත්තේ පළපුරුදු නැවියන්

(විමුක්ති එස් රුද්‍රිගු)

ඇමෙරිකාවේ බැල්ටිමෝර් ප්‍රදේශයේ ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලමේ ගැටුණු ශ්‍රී ලංකාව බලා යාත්‍රා කරමින් සිටි ඩාලි නම් දැවැන්ත භාණ්ඩ ප්‍රවාහන නෞකාව හසුරුවා ඇත්තේ බැල්ටිමෝර් වරායේ සිට නෞකාවක් යාත්‍රා කරවන විට හමුවන බාධක මගහරවා ගනිමින් නෞකා යාත්‍රා කරවීමට විශේෂ පුහුණුවක් ලැබූ ඇමෙරිකානු නාවිකයන් පිරිසක් බව මේරිලන්ඩ් ප්‍රවාහන ලේකම් පොල් වීඩ්ෆෙල්ඩ් මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

බැල්ටිමෝර් වරායේ සිට විවෘත මුහුද තෙක් නෞකාව යාත්‍රා කරවීම විශේෂ පුහුණුවක් ලැබූ නාවිකයන්ට බාර වී ඇතත් ඩාලි නෞකාව වරායෙන් පිටවූ වහාම එහි ප්‍රචාලක අක්‍රිය වී ඇතැයි මූලික විමර්ශනවලින් අනාවරණය වූ බව පොල් වීඩ්ෆෙල්ඩ් පැවැසුවේය.ප්‍රචාලක අක්‍රිය වූ වහාම නැව පාලනයෙන් ගිලිහුනු බවත් ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලමේ නෞකාව පාලමේ ගැටීමේ හැකියාවක් තිබෙන බවත් එම නාවිකයන් මේරිලන්ඩ් ප්‍රවාහන දෙපාර්තමේන්තුවට දැනුම් දුන් බව පොල් වීඩ්ෆෙල්ඩ් මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.

ඩාලි කන්ටේනර් නෞකාව 2015 වසරේ සිට පරීක්‍ෂණ 27කට භාජනය කර ඇති අතර, එහි දෝෂ දෙකක් ඇති බව එම පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයිද පොල් වීඩ්ෆෙල්ඩ් පැවැසුවේය.පසුගිය වසරේ සැප්තැම්බර් 9 වැනිදා නෞකාව ඇමෙරිකානු වෙරළ ආරක්ෂකයන් පරික්ෂා කිරීමේදී එම දෝෂ සොයා ගැනුණු බව පොල් වීඩ්ෆෙල්ඩ් ප්‍රකාශ කළේය.

පාලම කඩා වැටීම හේතුවෙන් පැටප්ස්කෝ ගංගාවට වැටී අතුරුදන් වී සිටින කම්කරුවන් සය දෙනා මියගොස් ඇතැයි විශ්වාස කරන බවත් පැටප්ස්කෝ ගංගාව හරහා වැටී තිබෙන නැවු මාර්ගයේ වෙළඳ කටයුතුවලට ඉන් බාධා එල්ල වනු ඇති බවත් වීඩ්ෆෙල්ඩ් පැවැසුවේය.

 



අදහස් (5)

ඇමෙරිකා පාලමේ හැපුණු ඩාලි හසුරුවා ඇත්තේ පළපුරුදු නැවියන්

chandima Thursday, 28 March 2024 01:31 AM

නිකන් නෙමෙයි දීලා තියෙන්නේ අවුරුදු තිහකට .ඉස්සරහට අවුරුදු තිහක්ම ලංකාවට එන සංචාරකයෝ දෙන සල්ලි යන්නේ ජපානයට .මුන් චන්දෙන් පරද්දලා මදි අවුරුදු තිහකට හිරේට දාන්න ඕන

:       6       5

Perera Thursday, 28 March 2024 06:34 AM

ඔව් ඉතින් බ්‍රේක් ගහලා නවත්තගන්න කියලද

:       0       5

මුදිත් Thursday, 28 March 2024 08:20 AM

ඕකත් ඇති ලංකාවේ බඩුමිල වැඩිවෙන්න

:       3       8

Yasantha Thursday, 28 March 2024 11:54 AM

ඔය යුක්රේනයෙන්, රුසියාවෙන් උදයංග වීරතුංග ගෙන්වන සංචාරකයින් ඒ රටවලදී ලංකාවේ හෝටල් වලට දවසට ඩොලර් 5යි. ඒ වුණාට උදයංග පෙන්නන්නේ දවසට ඩොලර් 600ගානේ ගෙවන බව. එහෙම කරලා රාජපක්ෂලාගේ කළු සල්ලි ඩොලර් ටික සුදු කරනවා. ඉන්නේ දිතිත් ජයවීරගේ තරු හෝටල් වල විතරයි. එන සුද්දෝ සති දෙකකට පස්සේ පොඩි ගෙවල්වල කාමර අරගෙන චූන් පාන් කකා ජීවත්වෙනවා. ඩොලර් ටික සුදු කරලා මේ අය සින්ගප්පූරුවේ, සී ශේල්ස්වල, ඩුබායි වගේ රටවල තැන්පත් කරනවා. ඔන්න ඕකයි තත්වය...!

:       2       5

Bamunuarachchi Friday, 29 March 2024 10:39 AM

ගුරුන්ටත් අකුරු වරදිනවලු...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site