සහභාගී වන්නන්ට අමුතුම ආකාරයේ අත්දැකීමක් ලබාදෙන අද්විතීය නෞකා ගමනක් පිළිබඳ තොරතුරු විදෙස් මාධ්‍ය පසුගියදා වාර්තා කළේය.

මෙම අද්විතීය නෞකා ගමනට සහභාගී වන්නන් රැගෙන ආ යුත්තේ නාන ඇඳුමක් සහ තුවායක් පමණක් බවත් නෞකාව තුළදී ඔවුන්ට නිර්වස්ත්‍රව සිටිය හැකි බවත් එම ගමන සංවිධානය කරන බෙආර් නසසිටීස් ටුවර් ඇන්ඩ් ට්‍රැවල් සමාගම ප්‍රකාශ කළේය.

මෙම අද්විතීය නෞකා ගමන සඳහා 2300 ක පමණ පිරිසකට සහභාගී විය හැකි බවත් නෞකාවට ඇතුළු වී වටපිටාව පුරුදු වූ වහාම ඔවුන්ට නිර්වස්ත්‍ර විය හැකි බවත් සංවිධානය කරනු ලබන සමාගම පැවසුවේය.

මෙම අද්විතීය නෞකා ගමන ලබන වසරේ පෙබරවාරි තුන්වෙනිදා ඇමරිකාවේ මියාමි වෙරළෙන් ආරම්භ වෙනු ඇති බවත් ගමනට සහභාගීවන්නන් දින 11ක කාලයක් කැරබියන් මුහුදේ දූපත්වල සංචාරය කරනු ඇති බවත් බෙආර් නසසිටීස් ටුවර් ඇන්ඩ් ට්‍රැවල් සමාගම ප්‍රකාශ කළේය.

නමුත් නෞකාවේ පිහිනුම් තටාකයට නිර්වස්ත්‍රවත් ඇතුළු විය නොහැකි බවත් එවිට සහභාගිවන්නන් නාන ඇඳුමක් ඇඳ සිටිය යුතු බවත් සංවිධානය කරනු ලබන සමාගම පැවසුවේය.එසේම ඉඳගන්නාවිට තුවායක් දමා ඉඳගත යුතු බවද එම සමාගම සඳහන් කළේය.

මෙම වික්‍රමාන්විතය වැලන්ටයින් දිනය දා අවසන් වීමට නියමිත බවත් සහභාගිවන එක් අයකු සඳහා අය කරන ගාස්තුව ඇමරිකානු ඩොලර් දෙදහසේ සිට 33155 දක්වා දිව යන බවත් අදාළ සමාගම ප්‍රකාශ කළේය.

(අන්තර් ජාලයේ ඇසුරින් විමුක්ති එස් රුද්‍රිගු)