IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි

(අංජුල මහික වීරරත්න)

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. 

ඇමෙරිකා එක්සත් ජනපදයේ සහාය ඇතිව මෙරට කිරි නිෂ්පාදනය නවීකරණය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණු අතර එම වැඩසටහන මඟින් දිවයින පුරා දැනට ක්‍රියාත්මක කිරි නිෂ්පාදනය ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘති තවදුරටත් දිරිමත් කරනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය. 

රජයේ කෘෂි නවීකරණ වැඩසටහන පිළිබඳව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී ඇලෙක්සිස් ටේලර් මහත්මිය දැනුවත් කළ අතර මෙරට කෘෂිකර්ම ක්ෂේත්‍රය සඳහා තරුණ පරපුර ආකර්ශනය කර ගැනීම එහි ප්‍රමුඛ අරමුණක් බවද පැවසීය. 



අදහස් (1)

ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි

kotiya Friday, 26 April 2024 10:29 PM

කිරි නිශ්පාදන ප්‍රචලිත කරන්න මේ නෝනා ඕන් නෑ. පියුමි හංසමාලි ඒ වැඩේ කරනවා...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 242 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site