IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ඇමෙරිකාවේ හිම කුණාටුවෙන් සති අගදී 12 ක් මියගිහින්

(විමුක්ති එස් රුද්‍රිගු)

ඇමෙරිකාවට බලපෑ හිම කුණාටුව හේතුවෙන් සති අන්තයේදී අවම වශයෙන්  12 දෙනකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

හිම කුණාටුව හේතුවෙන් මිලියන 1.5 කට විදුලිය නැති වී ඇති බවත් ගුවන් ගමන් දහස් ගණනක් අවලංගු කර ඇති බවත් විදෙස් මාධ්‍ය පෙන්වා දී තිබේ.

හිම කුණාටුව ටෙක්සාස් සිට කැනඩාවේ කිව්බ් නගරය දක්වා කිලෝ මීටර 3200 ක්  පැතිර ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මොන්ටෑනා ප්‍රාන්තයේ එල්ක් පාර්ක් හි උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘන 45 ක් දක්වා පහත වැටුණු බවත් පෙන්සිල්වේනියා සහ මිචිගන් ප්‍රාන්ත වලට දැඩි හිම පතනයක් බලාපොරොත්තු වන බවත් ඇමෙරිකානු බලධාරීහු ප්‍රකාශ කළහ.

නිව්යෝර්ක් සහ බෆලෝ  නගරවලට අඟල් 35 ක පමණ හිම පතනයක් සිදු වේ යැයි බලාපොරොත්තු වන බවත් බලධාරීන් පෙන්වා දී ඇත.



අදහස් (0)

ඇමෙරිකාවේ හිම කුණාටුවෙන් සති අගදී 12 ක් මියගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site