
ඇමෙරිකාවේ, නිව්යෝක් ප්‍රාන්තයේ, බෆලෝ නුවර සුපිරි වෙළෙඳ සංකීර්ණයකට කඩා වැදුණු තරුණයකු කළ වෙඩි තැබීමකින් 10 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, තිදෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බවත් එරට මාධ්‍ය කරයි.
වෙඩි තැබීම කළේ 18 හැවිරිදි පේටන් ජෙන්ඩ්‍රන් නමැති සුදු ජාතික අන්තවාදී තරුණයෙකි. මොහු නිව්යෝක් නුවර කොන්ක්ලින් හි පපදිංචිකරුවකු බව පොලිසිය කියයි. පේටන් ජෙන්ඩ්‍රන් වෙළෙඳ සංකීර්ණයට කඩා වැදී ඇත්තේ කළු ජාතිකයන් ඝාතනය කිරීමේ අරමුණින්ය. පේටන් ජෙන්ඩ්‍රන්ගේ ප්‍රහාරය 'වෛරී ප්‍රහාරයක්' ලෙස ඇමෙරිකන් ආරක්ෂක අංශ අර්ථ දක්වා තිබේ.
පේටන්, වෙඩි තැබීමට යොදාගෙන ඇත්තේ අති නවීන මාදිලියේ ස්වයංක්‍රීය ගිනි අවියකි. ඔහු හමුදා ඇඳුම්වලට සමාන ඇඳුම්වලින් සැරැසී සිටියේය. ඊට අමතරව ඔහු හෙල්මට්ටුවක් සහ වෙඩි නොවඳින කබායක් පැලඳ සිටියේය. තරුණයා වෙෙළඳ සංකීර්ණයට කඩා වැදී වෙඩි තබන්න වූයේ, එම දසුන් සජීවීව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරමිණි.
එය ඉතා හොඳින් සැලැසුම් කළ අමානුෂික ප්‍රහාරයක් බවත්, තරුණයා සතුව කඳුළු ගෑස්වලින් ආරක්ෂා වන විශේෂ මුහුණු ආවරණයක් (ගෑස් මාස්ක්) ද තිබුණු බවත් පොලිසිය පසුව පැවැසීය.
ගිනි අවිය අතැතිව, වෙළෙඳ සංකීර්ණයට තරුණයා පැමිණෙද්දී, වෙළෙඳ සංකීර්ණයේ සිටි ඇලන් සැල්ටර් නමැති කළු ජාතික ආරක්ෂක නිලධාරියකු ඔහුට හරස් විය. මෙම ආරක්ෂක නිලධාරියා විශ්‍රාමික පොලිස් නිලධරියෙකි. සැල්ටර්, තරුණයාට වෙඩි තැබූ නමුත් වෙඩි නොවඳින කබාය පැලඳ සිටි බැවින් තරුණයාට එයින් අනතුරක් සිදු නොවිණි. ඉන්පසු තරුණයා පෙරළා සැල්ටර් ට වෙඩි තැබූ අතර, එම වෙඩි ප්‍රහාරයෙන් ඇලන් සැල්ටර් ජීවිතක්ෂයට පත් වූයේය.
පේටන්, වෙළෙඳ සංකිර්ණයට ඇතුළු වූ එහි සිටි කළු ජාතිකයන්ට වෙඩි තබන්න විය. වෙළෙඳ සංකීර්ණයේ සේවය කළ තිදෙනකු ද වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලැබු බව පැවැසෙයි. ඒ අනුව, මරණ සංඛ්‍යාව තවත් ඉහළ යෑමට ඉඩ ඇතැයි රෝහල් ආරංචි මාර්ග පෙන්වා දෙයි.
සිද්ධිය සැලවුණු සැණින් පොලිසිය වෙළෙඳ සංකීර්ණය වට කළේය. එෆ්.බී.අයි. පරීක්ෂණවරුන් ද වෙළෙඳ සංකීර්ණයට පැමිණි අතර, ඔවුන්ගේ සහාය ද පොලිසියට ලැබුණි. පැය කීපයක පරිශ්‍රමයකින් පසු පේටන් ජෙන්ඩ්‍රන් ජීවග්‍රහයෙන් අල්ලා ගැනීමට පොලිසියට හැකිවිය.
අත්අඩංගුවට ගත් පේටන් ජෙන්ඩ්‍රන් අධිකරණයට ඉදිරිපත් කෙරුණි. ඒ පුද්ගල ඝාතන සිදු කළේ යැයි චෝදනා සම්බන්ධයෙනි. එම චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කිරීමට පේටන් සූදානම් වන බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කර තිබේ.
'සිදුවූයේ වෛරී ඝාතනයක්. මෙවැනි ඝාතනවලට කිසිසේත් ඉඩ දිය යුතු නැහැ. සමාජයේ බෙදීමක් ඇතිවීමට ඉඩ දිය යුතු නැහැ. මෙවැනි ම්ලේච්ඡ ප්‍රහාර අප කිසිසේත් අනුමත කරන්නේ නැහැ. වෙඩි තැබීම කළ තරුණයාට කිසිදු සමාවක් ලැබෙන්නේ නැහැ' යැයි නිව්යෝක් ආණ්ඩුකාර කැතී හෝචුල් මෙන්ම බෆලෝ නුවර පුරපති බ්‍රයන් බ්‍රවුන් ද මාධ්‍ය නිවේදන නිකුත් කර තිබේ.
වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන් මහත් සේ කම්පනයට පත්වුණා යැයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කර තිබේ. වෙඩි තැබීමෙන් මියගිය සහ තුවාල ලැබූවන් වෙනුවෙන් ජනාධිපති ජෝ බයිඩන් සහ ආර්යාව ජිල් බයිඩන් සොව පළ කර ඇතැයි ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
575
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2271
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1704
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇමෙරිකාවේ වෙඩි තැබීමක්
SISIRA Sunday, 15 May 2022 05:27 PM
මොහු සුදු ජාතිකයෙක් නොවුණා නම් එතැනම වෙඩිකන්නයි වෙන්නේ...!
Nihal Sunday, 15 May 2022 07:29 PM
යුරෝපයේ කලු, සුදු භේදය නිසා ආසියා දරුවන්ට පිහියෙන් අනින්නේ... පසුගිය වසරවල ඉන්දියාව පමණක් 26ක් මැරුවා. ඒ අතරේ ලංකාවේ දරුවකුත් ඇනලා මැරුවා. ඒත් ලෝකෙට බණ කියනවා.