
ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.
තුවාලකරුන්ගෙන් කීප දෙනෙකුගේ තත්ත්වය බරපතල බවත්, මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත් ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කර ඇත.
බර්මින්හැම් නගරයේ ෆයිව් පොයින්ට් සවුත් ප්‍රදේශයේ දී මෙම වෙඩි තැබීම සිදුවිය. මෝටර් රථයකින් පැමිණි තුවක්කුකරුවන් පිරිසක් ෆයිව් පොයින්ට් සවුත් ප්‍රදේශයේ සිටි පිරිසක් වෙත වෙඩි තබා පලා ගොස් ඇත.
වෙඩි ප්‍රහාරවලට ලක් වී මියගිය සිවු දෙනා අතරේ පිරිමි දෙදෙනකු සහ කාන්තාවන් දෙදෙනකු සිටින බවත්, එයින් එක් පිරිමියකු මියගියේ රෝහල්ගත කිරීමෙන් පසුව බවත් වාර්තා වේ.
වෙඩි තැබීම කළ පුද්ගලයන් සොයා පොලිස් විමර්ශන ආරම්භ වී ඇති නමුත් කිසිදු සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබී නැතැයි ද පොලිසිය පවසා ඇත.
තුවක්කුකරුවන්ගේ ඉලක්කය වී ඇත්තේ එක් පුදලයෙකි. එම තුවක්කුකරුවන් ඒ අදාල පුද්ගලයා ඉලක්ක කරමින් වෙඩි තැබීම් කළ බවත්, මියගිය සෙසු පිරිස අසල සිටි පුද්ගලයන් බවත් බර්මින්හැම් පොලිස්පති ස්කොට් තර්මවුන්ඩ් මාධ්‍ය හමුවක් පවත්වමින් පෙන්වා දුන්නේය.
“මෙය කුලී ඝාතකයන් පිරිසකගේ සැහැසි ක්‍රියාවක්. ඝාතනයට කීප දෙනකු සම්බන්ධයි. මෝටර් රථයකින් පැමිණි ඔවුන් වෙඩි තැබීම සිදු කර පලා ගොස් තිබෙනවා. ඔවුන්ගේ ඉලක්කය වූ පුද්ගලයා මියගිය පිරිස අතර සිටිනවා. මියගිය අනෙක් තිදෙනා එම පුද්ගලයා සමඟ එම අවස්ථාවේ සිටි අයයි.” යැයි පොලිස්පති ස්කොට් තර්මවුන්ඩ් එම මාධ්‍ය හමුවේ දී පැහැදිලි කර ඇත.
2025 දෙසැම්බර් මස 18
190
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
160
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
පිටිගල මිලානෝ Monday, 23 September 2024 09:38 AM
ඇමරිකාව විශාල ලෙස සමූහ ඝාතන සහ පාසල් වල සමූහ ඝාතන නිතර සිදුවන භයානක රටකි.