IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


ඇමරිකාවේ ප්‍රාන්ත මැතිවරණයකින් පසු කොරෝනා ආසාදිතයන් 7 ක්

ඇමරිකාවේ විස්කොන්සින් ප්‍රාන්තයේ පසුගියදා පැවති ප්‍රාථමික මැතිවරණයේදී පුද්ගලයන් 7 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇත.

ප්‍රාන්තයේ ප්‍රධාන නගරය වන මිල්වෞකි හි ඡන්දදායකයින් 06 දෙනකු සහ මැතිවරණ රාජකාරියේ යෙදුන නිලධාරියෙකු මෙලෙස ආසාදිතයන් බවට පත්වී ඇත. 

මැතිවරණය පසුගිය අප්‍රේල් 07 වනදා පැවැත්විණ.

ඡන්ද මධ්‍යස්ථාන 200කට අධික සංඛ්‍යවක් තිබුණු  මිල්වෞකි නගරයේ මෙවර එය පහක් දක්වා අඩුකර තිබිණි. 

ඒ හේතුවෙන් ඡන්ද මධ්‍යස්ථාන අසල දිගු පෝලිම් දක්නට ලැබුණු බවත් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ජනතාවට බොහෝ වේලා රැඳී සිටීමට සිදුවූ බවත් සෞඛ්‍ය කොමසාරිස් කාර්යාලය තහවුරු කළේය.

මැතිවරණය ආශ්‍රිත ආසාදන සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව ද ඔවුහු වැඩිදුරටත් පවසති.

මේ සම්බන්දව අදහස් දක්වමින්  සෞඛ්‍ය නිලධාරීන් පවසා සිටියේ මහජන සෞඛ්‍ය අර්බුදයක් පවතින අවස්ථාවක ජන්දයක් පැවැත්වීම හේතුවෙන් ජනතාව අවදානමට ලක්ව ඇති බවයි.

මිල්වෞකි නගරයේ මේ වනවිට කොරෝනා ආසාදිතයින් 1 697ක් වාර්තා වී ඇති අතර මරණ 92ක් සිදුවී තිබේ.

විස්කොන්සින් ප්‍රාන්තයේ රෝගීන් 4 620ක් සහ මරණ 242ක් වාර්තා වී ඇත.

කොරෝනා වයිරසය පැතිරයාම හේතුවෙන් මාර්තු 12 වන දින ප්‍රාන්තයේ සෞඛ්‍ය සම්බන්දව හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරණු ලැබීය. 

අප්‍රේල් 07 දිනය යෙදී තිබුණු මැතිවරණය ප්‍රමාද කිරීමට හෝ තැපැල් ඡන්ද ප්‍රකාශ කරන ක්‍රමයට මැතිවරණය පැවැත්වීමට ඩිමොක්‍රටික් පාක්ෂික ආණ්ඩුකාර ටෝනි එවර්ස් උත්සාහයක යෙදිණි.

එහෙත් රිපබ්ලිකන් පාක්ෂිකයන් පාලනය කරන ප්‍රාන්ත ව්‍යවස්ථාදායකයේ මතයට අධිකරණය පක්ෂ වීම හේතුවෙන් මැතිවරණය පුද්ගලිකව ඡන්දය ප්‍රකාශ කරන ආකාරයටම පැවැත්වීමට සිදුවිය.

ඇමරිකානු ජනාධිපතිවරයා ද තැපැල් මගින් ඡන්දය ප්‍රකාශ කිරීමට විරෝධය පල කර ඇත්තේ එමගින් වංචා සිදුවිය හැකි බව පවසමිනි.

ඇමරිකාවේ තවත් ප්‍රාන්ත කිහිපයකම මැතිවරණ ඉදිරි සතිවල පැවැත්වීමට නියමිතව ඇති අතර ඒවායේ ද මැතිවරණ පවත්වන ආකාරය සම්බන්දව විවිධ අදහස් හා විවේචන පල වෙමින් පවතින බව රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබේ.

මැයි මස මැද භාගයේ මැතිවරණය පැවැත්වීමට නියමිතව ඇති නෙබ්‍රස්කා ප්‍රාන්තයේ ලක්ෂ ගනනක ඡන්ද දායකයින් දැනටමත් තැපැල් ඡන්ද ඉල්ලුම් කර ඇති බව සඳහන් වේ.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

 



අදහස් (3)

ඇමරිකාවේ ප්‍රාන්ත මැතිවරණයකින් පසු කොරෝනා ආසාදිතයන් 7 ක්

Nuwan Wednesday, 22 April 2020 10:32 AM

අපිත් මෙහෙත් චන්දෙ තියමු, තියලා ඉල්ලන් කමු...

:       6       32

mangala Wednesday, 22 April 2020 11:14 AM

ඔය ඇමරිකාවත් ඡන්දය තියලා තියෙන්නේ ඔච්චර ලොකු විනාසයක් වෙලා තියෙද්දී.

:       27       7

Sadun Wednesday, 22 April 2020 12:51 PM

අපිට කොරෝනා වැඩක් නැහැ . අපිට චන්දය තමයි ඕනේ. ඇමරිකාව මොකද්ද අපේ ලංකාව එක්ක බලනකොට... අපි ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරනවා . අපිට කොරෝනා හැදිලා මිනිස්සු මැරෙනවට වඩා චන්දය වටිනවා එහෙම නේද?

:       29       19

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31623 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14030 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11098 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 172 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1104 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site