IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඇමෙරිකාවේ නව කතානායක මයික් ජොන්සන්

ඇමෙරිකන් නියෝජිත මන්ත්‍රී මණ්ඩල කතා නායක ධුරය රිපබ්ලිකන් සාමාජික මයික් ජොන්සන් ට හිමිවිය.

ඒ සඳහා පැවැති ඡන්ද විමසුමේදී 51 ක් හැවිරිදි මයික් ජොන්සන්ට පක්ෂව ඡන්ද 220 ක් හිමිවුණු අතර, ඔහුට විරෝධය දැක්වූ ගණන 209 කි.

ඇමෙරිකන් කොංග්‍රස් මණ්ඩලය හෙවත් පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින් සහ සෙනෙට් මණ්ඩලයකින් සමන්විතය.

නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතරය ඇත්තේ ප්‍රතිවාදී රිපබ්ලිකන්වරුන් සතුවය. සෙනෙට් මණ්ඩලයේ බහුතර බලය ඇත්තේ ජනාධිපති ජෝ බයිඩන්ගේ ඩිමොක්‍රටික්වරුන් සතුවය.

නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කතානායක ධුරයට සුදුස්සකු තෝරා ගැනීමට සිදුවූයේ එම ධුරයේ කටයුතු කළ කෙවින් මකාති පසුගිය ඔක්තෝබර් 3 වැනිදා විශ්වාසභංගයකින් ඉවත් කළ බැවිනි ඇමෙරිකන් කතානායකවරයකු විශ්වාසභංගයකින් ඉවත් කෙරුණු පළමු අවස්ථාව වූයේ මෙයයයි.

ඉන්පසු කතානායක ධුරයට සුදුස්සකු තේරා ගැනීම සම්බන්ධයෙන් අර්බුදයක් පැවැතිණි.

නව කතානායක ලෙස ධුරයට පත්වුණු මයික් ජොන්සන් ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හිතවාදියකු බව පැවැසෙයි.

2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සූදානමින් සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, නව කතානායක ලෙස තේරී පත්වුණු ජොන්සන්ට සුබ පැතුම් එක් කළ බව පැවැසිණි.

(සී.එන්.එන්.)



අදහස් (0)

ඇමෙරිකාවේ නව කතානායක මයික් ජොන්සන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site