IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


ඇමරිකාවේ කොරෝනා මරණ 250,000 පනී

ඇමරිකා එක්සත් ජනපදයේ කොරෝනා වයිරසය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 250,000 පසුකර තිබේ.

ලොවපුරා වැඩිම ආසාදන හා මරණ ඇමරිකාවෙන් වාර්තාවන අතර ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයට අනුව අද (19) උදෑසන වනවිට ඇමරිකාවෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 256,218කි. මේ වනවිට ඇමරිකාවෙන් කොරෝනා ආසාදිත රෝගීන් මිලියන 11.8ක් වාර්තා වී තිබේ.

ඇමරිකාව පුරා යළිත් දෛනික ආසාදන සීඝ්‍රයෙන් ඉහළ යෑමට පටන්ගෙන ඇත.
එළඹෙන ශීත කාලගුණයත් සමග රෝගය ව්‍යාප්ත වීම තවත් වැඩිවිය හැකි බවට එරට වසංගත විද්‍යා අංශය අනතුරු අඟවා තිබේ.

කොරෝනා පළමු රැල්ලේදී ඇමරිකාවේ වයිරස ව්‍යාප්තියේ කේන්ද්‍රස්ථානය වූ නිව්යෝර්ක් නගරයේ නැවතත් ආසාදිතයන් වාර්තාවීම ඉහළ ගොස් ඇතැයි බලධාරීහු පෙන්වා දෙති. ඒ හේතුවෙන් බ්‍රහස්පතින්දා(20) සිට නගරයේ පාසැල් වසා දැමීමට ද නියෝග කෙරිණ.

ඇමරිකාවේ බෝවන රෝග අංශයේ ප්‍රධාන වෛද්‍යවරයෙකු වන ඇන්තනි ෆවුචි මහතා පවසා සිටියේ කොරෝනා  සම්බන්ධව මේවනවිට රට ඉතාමත් අස්ථාවර තත්ත්වයකට පත්ව ඇති බවයි. වයිරසය පාලනය සම්බන්ධයෙන් ඇමරිකාව වැරදි දිශාවකට ගමන් කරමින් සිටින බවත් ආසාදිතයන් වැඩිවීම පාලනය කර නොගන්නේ නම් මරණ සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළයෑම වලක්වාගත නොහැකි බවත් ඔහු පෙන්වා දෙයි.

"මෙය ඉතා බරපතල තත්ත්වයක්, අප සිටින්නේ ඉතා දුෂ්කර තත්ත්වයක, සෞඛ්‍ය රීතීන් දැඩිව අනුගමනය කළ යුතුයි, එන්නතකින් උදව් ලැබෙන තුරු තවත් ටික කාලයක් අල්ලාගෙන සිටිය යුතුයි" යනුවෙන් ෆවුචි මහතා පැවසීය.

ඇන්තනි ෆවුචි මහතා මාර්තු මස අග භාගයේදී අනාවැකි පළකරමින් කියා තිබුණේ වයිරසය හේතුවෙන් ඇමරිකාවේ 200,000ක් පමණ මියයෑමට ඉඩ ඇති අතර තවත් මිලියන ගණනකට වයිරසය ආසාදනය වියහැකි බවයි.

(බීබීසී ඇසුරිණි - 085)



අදහස් (0)

ඇමරිකාවේ කොරෝනා මරණ 250,000 පනී

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31618 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14020 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11096 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 172 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1103 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site