ඇමෙරිකාවේ ආයුධ අලෙවිය පසුගිය 2023 වසරේ ඉතා සීඝ්‍රයෙන් ඉහළ ගිය බවත්, රුසියන් යුක්රේන යුද්ධය සහ ඊශ්‍රායල හමාස් ගැටුම ඊට හේතුව වූ බවත් විදෙස් මාධ්‍ය අනාවරණය කර ඇත.
පසුගිය 2023 වසරේ ආයුධ අලෙවියෙන් ඇමෙරිකාව ලැබූ මුදල ඇමෙරිකන් ඩොලර් බිලියන 238 පසු කර තිබේ. ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුවට අනුව, ඇමෙරිකන් රජය සෘජුව මැදිහත් වී, සිදු කළ ආයුධ ගනුදෙනුවල වටිනාකම ඇමෙරිකන් ඩොලර් බිලියන 81 කි. සෙසු ආයුධ ගනුදෙනු සිදුවී ඇත්තේ, ඇමෙරිකන් ආරක්ෂක සමාගම් මැදිහත් වෙමිනි.
රුසියාව, යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයක් අනුගමනය කළේ, යුක්රේනය ‘නේටෝ’ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ සාමාජිකත්වය අපේක්ෂා කළ බැවිනි. ‘නේටෝ’ යනු රුසියාවට, එරෙහිව බටහිර රටවල් පිහිටුවාගෙන ඇති යුද සන්ධානයයි.
රුසියන් යුක්රේන අර්බුදයේ දී, රුසියාවේ සහාය හිමිවන්නේ බටහිර හිතවාදී යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීගේ රජයටය. හමුදා ක්‍රියා මාර්ගය ආරම්භ වූ දින පටන් ඇමෙරිකාවෙන්, යුක්රේන රජයට ආධාර වශයෙන් අවි ආයුධ ලබා දීම සහ මූල්‍ය සහාය ලබා දීම සිදු කරයි. ඊට අමතරව, ආයුධ අලෙවිය ද සිදු කරයි.
2022 වසරේ, රුසියන් යුක්රේන යුද්ධය කලාපීය වශයෙන් අර්බුද නිර්මාණය කරද්දී, යුක්රේනයේ අසල්වැසියා වන පෝලන්තය, රුසියාවෙන් තර්ජන එල්ල වීමේ ඉඩ ඇති බැවින්, සිය යුද ශක්තිය තරකරගෙන ඇත්තේ ඇමෙරිකාවෙන් අවි ආයුධ සහ යුධෝපකරණ මිලදී ගැනීමෙනි.
පෝලන්තය, ඇමෙරිකාවෙන් මිලදී ගත්, ‘ඇපාචි’ වර්ගයේ ප්‍රහාරක හෙලිකොප්ටර් යානාවල වටිනාකම ඇමෙරිකන් ඩොලර් බිලියන 12 කි. පෝලන්තය ඇමෙරිකාවෙන් මිලදී ගෙන ඇති ‘හිමාර්ස්’ වර්ගයේ ප්‍රහාරක රොකට් පද්ධතිවල වටිනාකම ඇමෙරිකන් ඩොලර් බිලියන 10 කි.
(ඒ.එෆ්.පී.)
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
ඇමෙරිකාවේ ආයුධ අලෙවිය වැඩිවෙලා