IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල

(විමුක්ති එස් රුද්‍රිගු)

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු ප්‍රකාශ කළහ.

පසුගිය වර යුක්රේනයට ලබා දුන් ආධාර පැකේජය යටතේ මෙම දිගු දුර බැලස්ටික් මිසයිල ලබා දුන් බවත් මෙම මසදී එම මිසයිල යුක්රේනයට ලැබී ඇති බවත් ඇමෙරිකානු බලධාරීහු පැවැසුහ.

යුක්රේනයේ මෙහෙයුම් ආරක්ෂාව වෙනුවෙන් ආධාර පැකේජයට දිගු දුර මිසයිල ඇතුලත් වන බව සඳහන් කිරීමෙන් වැළකී සිටි බවත් මේ වනවිට එලෙස ලබාදුන් දිගුදුර බැලස්ටික් මිසයිල අවම වශයෙන් එක් වතාවක් හෝ යුක්රේනය භාවිත කර ඇති බවත් ඇමෙරිකානු බලධාරීහු ප්‍රකාශ කළහ.නව ආධාර පැකේජය යටතේද තවත් අවි යුක්රේනයට ලැබෙනු ඇතැයිද ඇමෙරිකානු බලධාරීහු පැවැසුහ.

මෙම මිසයිල භාවිත කරමින් කිලෝ මීටර 300 ක පරාසයක තිබෙන ඉලක්ක වලට පහරදිය හැකි බවත් මෙම මිසයිල යුක්රේනයට ලබා දීම සඳහා ඇමෙරිකානු ජනාධිපතිවරයා පසුගිය පෙබරවාරි මාසයේදී අනුමැතිය ලබා දුන් බවත් ඇමෙරිකානු බලධාරීහු ප්‍රකාශ කළහ.

 



අදහස් (3)

ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල

ජයනාත් Thursday, 25 April 2024 05:22 PM

ඇමරිකාව යුක්රේනයට දුන්නාට කමක් නෑ. රුසියාව වෙනත් රටවලට දෙන්න බැහැ. මේකද ලෝක නීතිය? කෙහොම නමුත් දරුණු යුද්ධයක පෙරනිමිති පහළ වෙලා ඉවරයි...

:       6       54

සිල්වා Thursday, 25 April 2024 05:56 PM

ඇමරිකාව යුද්ධ වලට අවි සැපයීම තුළින්ම විනාශ වේ...

:       5       40

ජගත් ලියනගේ Friday, 26 April 2024 08:58 AM

ඇමෙරිකාව ඔය කරන වැඩ හින්දා යුක්‍රේනය නැති වෙලාම යනවා .

:       1       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site