IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ඇමෙරිකාවෙන් බිලියන 4කට අධික ඖෂධ සහ වෛද්‍ය ආධාර

(විමුක්ති එස් රුද්‍රිගු)

ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඇමෙරිකාවේ මානුෂීය ආධාර සපයන සංවිධාන සමග එක්වී ජූලි මස සිට ඔක්තෝම්බර් මස දක්වා කාලය තුළ  ඇමෙරිකානු ඩොලර් මිලියන 12 (ශ්‍රී ලංකා රුපියල් බිලියන 4.6)කට ආසන්න වටිනා කමින් යුත්  ඖෂධ සහ වෛද්‍ය සැපයුම් තොගයක් ශ්‍රී ලංකාවට ලබා දී ඇතැයි ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

මෙම  ඖෂධ සහ වෛද්‍ය සැපයුම් තොගය කාණ්ඩ 4කින් ශ්‍රී ලංකාවට ලබා දීමට සැලසුම් කර තිබූ බවත් ඉන් කාණ්ඩ  තුනක් දැනටමත් සෞඛ්‍ය අමාත්‍යංශයට භාරදී ඇති බවත් 4 වෙනි කාණ්ඩය අද (02) ශ්‍රී ලංකාවට ලැබෙනු ඇති බවත් ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පැවසුවේය.

හාර්ට් ටු හාර්ට් ,හෝප් සහ ඇමෙරිකෙයාර්ස් සංවිධාන මෙම ආධාර තොගය ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ බව ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්‍රකාශ කළේය.



අදහස් (0)

ඇමෙරිකාවෙන් බිලියන 4කට අධික ඖෂධ සහ වෛද්‍ය ආධාර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 310 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site