IMG-LOGO

2025 අගෝස්තු මස 08 වන සිකුරාදා


ඇමැරිකාවෙන් ගුවන් හමුදාවට බීච්ක්‍රාෆ්ට් යානා දෙකක්

(ඉන්දිකා රාමනායක)

සමුද්‍රය ආරක්ෂාව තහවුරු කිරීම සදහා සහ  ශ්‍රි ලංකා සුවිශේෂි ආර්ථික කලාප නිරීක්ෂණ හැකියාව ශක්තිමත් කිරීම සදහා ඇමැරිකා  එක්සත් ජනපද ආරකෂක දෙපාර්තමේන්තුව විසින් ශ්‍රි ලංකා ගුවන් හමුදාව වෙත නොමිලේ සමුද්‍රීය ගුවන් ආවේක්ෂණ යානා දෙකක් ලබා දෙන බව ගුවන් හමුදාව පවසයි.

ගුවන් හමුදාපති  එයාර් මාෂල් සුදර්ශන පතිරණ මහතා කළ  ඉල්ලීමකට අනුව ඒවා නොමිලේ ප්‍රධාන කිරීමට ඇමැරිකා එක්සත් ජනපදය එකඟ වී ඇති බව ගුවන් හමුදාව පවසයි.

ගුවන් හමුදාව  සතුව ඇති බීච්ක්‍රාෆ්ට් බී-200 ගුවන් යනා භාවිතා කරමින්   දශක දෙකක ට වැඩි කාලයක සිට  මේ දක්වා  ගුවන් මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවද   ගුවන් හමුදාව පවසයි.

මෙම  යානා දෙක අදාල නිරීක්ෂණ උපකරණ සහිතව නොමිලේ  ප්‍රධාන කරන බවත්, මෙම වසර අගභාගයේ දී එක් යානනයක් ද,  2023   මුල දී   ලබා දෙන බවට   එක්සත් ජනපද   ආරක්ෂක දෙපාර්තමේන්තුව තහවුරු කර ඇති බවද ගුවන් හමුදාව  පවසයි.

මෙම ගුවන් යානා මගින් සමුද්‍ර විපත් වලට ප්‍රතිචාර  දැක්වීම, ගැඹුරු මුහුදේ ගලවා ගැනීමේ මෙහෙයුම් සදහා සහය දැක්වීම, නීතිවිරෝධී ධීවර කටයුතු නිරීක්ෂණ කිරීම හා, සුවිශේෂි ආරක්ෂක කලාපයන්හි මිනිස් ජාවාරම, මත්ද්‍රව්‍ය ජාවාරම, අපරාධ වලට එරෙහිව සිදුකරන මෙහෙයුම් වලට නාවික හමුදාවට සහාය වීම සදහා ද යොදා ගැනීමට නියමිත බවද  ගුවන් හමුදාව පවසයි.



අදහස් (4)

ඇමැරිකාවෙන් ගුවන් හමුදාවට බීච්ක්‍රාෆ්ට් යානා දෙකක්

widura Monday, 21 February 2022 05:45 PM

මේ ක්‍රාෆ්ට් ඩිසයින් කරලා තියෙන්නේ 1972. කොහේ හරි කුණු ගොඩක තිබ්බ ජරාවක් දැන් දෙනවා අපිට... මේකත් හරිහට අර එංගලන්තයෙන් කුණු කන්ටේනර් ගේනවා වගේ වැඩක්..!

:       27       10

DamianTuesday, 22 February 2022 02:04 PM

විදුරගේ මොළේ තමයි මොළේ. අනේ හලෝ 1972 කාලේ දැන් තියෙන රිමෝට් සෙන්සින් තාක්ෂණ හොයාගෙන වත් නෑ.

:       0       0

chandima Monday, 21 February 2022 06:30 PM

අපරාදෙ ටෙන්ඩර් දාලා ගාණක් ගසාකන්න තිබුණු අවස්ථාව නැතිව ගියා නේද?

:       13       38

Prabha Monday, 21 February 2022 07:37 PM

අපි ඕවා ගෙනාවට විරුද්ධයි. ඕකෙන් ගන්න පින්තූර, වීඩියෝවල කොපියක් ඇමෙරිකාවට එසැණින් යනවා. මේවා සී.අයි.ඒ. කුමන්ත්‍රණ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 350 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 303 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 472 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site