IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


ඇමෙරිකන් විද්‍යාඥයන්ගෙන් අසූචි බැංකුවක්

විද්‍යාඥයන් ඔවුන් බලාපොරොත්තු වන ආකාරයෙන් සියලූ දේ සිදුකළහොත් ඔබගේ මල ජිවිතේ කුමන හෝ අවධියකදී භාවිතයට ගැනීම සඳහා අයිස් මත තැන්පත් කිරීම සම්මතයක් විය හැක.

පෙකණි වැල ලේ සාම්පල ලේ බැංකුවක තැන්පත් කරන්නා සේ මල සාම්පල තැන්පත් කිරීම සඳහා බැංකුවක් පිහිටුවීමට ආහාර මාර්ග පද්ධතියේ කායික සහ මානසික ක‍්‍රියාකාරීත්වය පිළිබඳ පර්යේෂණ සිදුකරන විද්‍යාඥයන් කණ්ඩායමකට අවශ්‍ය වී ඇත.

මලවල තිබෙන හිතකර බැක්ටීරියා අන්ත‍්‍රයට බද්ධ කිරීමකදී පෙකණි වැල ලේ බද්ධ කිරීමකට වඩා වාසියක් තිබෙන බව විද්‍යාඥයෝ පවසති.එය ආහාර මාර්ග පද්ධතියේ ක‍්‍රියාකාරිත්වය ඉහළ නැංවීමට හේතුවන බව විද්‍යාඥයන් පැවසුවේය.මෙම බද්ධ කිරීම එෆ්.එම්.ටී ලෙස හඳුන්වනු ලැබේ.

ප‍්‍රාථමික සෙල වලින් පොහොසත් පෙකණි වැල රුධිරය සමහර පිළිකා, ප‍්‍රතිශක්තිකරණ පද්ධතියේ ඌනතා සහ ඇතැම් ජානමය ආබාධ සඳහා ප‍්‍රතිකාර කිරීමට භාවිතා කළ හැක.

නමුත් මලවල තිබෙන හිතකර බැක්ටීරියා අන්ත‍්‍රයට බද්ධ කිරීම මගින් ඇදුම, දියවැඩියාව සහ මොලයට මෙන්ම සුෂුම්නාවට බලපාන එම්එස් නමින් හඳුන්වන ස්නායු අබාධ තත්ත්වයක් සඳහා ප‍්‍රතිකාර කිරීමට අනාගතයේ යොදා ගත හැකි වෙතැයි විද්‍යාඥයෝ බලාපොරොත්තු වෙති.

එසේම මලවල තිබෙන හිතකර බැක්ටීරියා බද්ධ කිරීම මගින් අනාගතයේ තරබාරුව සහ වයසට යාම පමා කිරීම සඳහා ප‍්‍රතිකාර කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි පර්යේෂකයෝ විශ්වාස කරති.

හාවඞ් වෛද්‍ය විද්‍යාලයේ දොස්තර යැන්ග් යූ ලිං ප‍්‍රමුඛ විද්‍යාඥයන් කණ්ඩායමක් මෙම යෝජනාව සිදු කර ඇත.එෆ්.එම්.ටී දැනටමත් ආහාර මාර්ග පද්ධතියේ බැක්ටීරියා අසාදන වලට ප‍්‍රතිකාර කිරීම සඳහා භාවිතා කරනු ලබයි.

බද්ධ කිරීම සාමාන්‍යයෙන් සිදු කරනු ලබන්නේ නාසය හරහා සෘජුවම ආමාශයට ඇතුළු කරන ලද නලයක් මගිනි. නමුත් බැක්ටීරියාව ශල්‍යකර්මයක් මගින් හෝ පෙත්තක් හරහා බඩවැලේ සෘජුවම තැන්පත් කළ හැක.

බද්ධ කිරීමට ලබා ගන්නේ රෝගාබාධයක් නොමැති බව සහතික කිරීම සඳහා බොහෝ සෞඛ්‍ය පරීක්ෂණ වලට මුහුණ දී  නිරෝගී යැයි සහතික කරන ලද  අයෙකුගේ මල සාම්පල පමණි.

බි‍්‍රතාන්‍යයේ පරිත්‍යාගශීලියෙකුට ලබා දෙන සාම්පලයක් සඳහා පවුම් 10 මුදලක් (රුපියල් 4500 ක් පමණ) සහ ඇමෙරිකානුවකුට ඇමෙරිකන් ඩොලර් 50 ක මුදලක් (රුපියල් 18,000 ක් පමණ) ලබා ගත හැක.

(විමුක්ති එස් රුද්‍රිගු)



අදහස් (6)

ඇමෙරිකන් විද්‍යාඥයන්ගෙන් අසූචි බැංකුවක්

වීරවිජේ Monday, 04 July 2022 12:29 PM

මෙහෙං නැවක්ම දෙන්නං...

:       3       15

සෑම් Monday, 04 July 2022 01:06 PM

හොඳ සොයා ගැනීමක්, ලංකාවේ ඩොලර් ප්‍රශ්ණය නිකම්ම විසදන්න පුළුවන්, අපි අරිමු අසුචි බැංකු ගමක් ගමක් ගානේ. හැබැයි ගැටළුව දැන් කන්න නැතුව කොහොමද අසුචි නිෂ්පාදනය කරන්නේ?

:       3       15

sharm warn Monday, 04 July 2022 01:24 PM

ඇත්තට, ලංකාවෙන් යවන්න බැරිද? ගෝනිම 225ක් තියෙනවා. දියවන්නාවේ අසූවි වලේ. තව පොඩි පොඩි ගොඩවල් අටදහස් ගණනක් තියෙනවා රට පුරා.. එකඑක සභාවල. සේරම පැටෙව්වා නම් ඩොලර් කන්දක් හොයාගන්න තිබුණා...

:       1       15

JAYATH Monday, 04 July 2022 02:05 PM

ලංකාදීපේ හැමදාම කරන මේ වැඩේ උතුම් කාර්යයක්... හුඟක් පත්තරකාරයින් මිථ්‍යාවම වපුරන කාලයක (අඟහරුගේ ගඩොල් තියනවා කියලා ලියපු හාදයොත් ඉන්නවා නොවැ..! ) මේ විද්‍යා ලේඛනය අගය කළයුතුයි.. අනික සමහර ඒවායේ වගේ පරිවර්තනය නරක නැහැ... ඒකත් හොඳටම තියෙනවා... ජයවේවා...!!!

:       0       9

lankasri Monday, 04 July 2022 04:29 PM

අපිටත් ඔයින් බැංකුවක් ඔනෙමයි ඕවා ගහලා එලවන්න ගොඩක් අය ඉන්නවා.

:       0       0

Bamunuarachchi Tuesday, 05 July 2022 09:08 AM

මරේමරු මේහේ ඉන්නවා ඕන අසුචි ටිකක් දිවගාල අයිති කාරයාගේ පැටිගිරිය කියන හාදයෙක්. ඕනෙනම් ගෙන්වාගන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 519 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2251 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1683 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site