IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


ඇමැති වාහන ගැන ජවිපෙ ප්‍රකාශය බොරුවක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

රාජ්‍ය ඇමැතිවරුන්ගේ පාවිච්චිය සඳහා සුපිරි වාහන 239ක් ගෙන්වා ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ  කළ ප්‍රකාශය පට්ටපල් බොරුවක් බව තමා වගකීමෙන් ප්‍රකාශ කරන්නේ යැයි වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය.

මේ සිද්ධිය සම්බන්ධයෙන් වරාය අධිකාරියට අනුබද්ධිත ආයතනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර ඇති බව පැවසූ අමාත්‍යවරයා මේ අසත්‍ය ප්‍රකාශය කළ සියලු පුද්ගලයන් පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුව හමුවට කැඳවන ලෙසට  ඉල්ලීමක් කළේය.

ඔහු මෙසේ පැවසුවේ රාජ්‍ය අමාත්‍යවරුන්ට සැප වාහන 239ක් ගෙනැවිත් ඇති බවට ජනතා විමුක්ති පෙරමුණේ සමන්ත විද්‍යාරත්න හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා ප්‍රශ්නයක් මතු කළ අවස්ථාවේදීය.

මේ එහිදී ඇතිවූ සංවාදයයි.

ශාන්ත බණ්ඩාර මහතා:

සැප වාහන නොවෙයි අඩු තරමින් ෆුට්  සයිකලයක්වත් විල්බැරෝවක්වත්  ගෙනල්ල නැහැ . මේ වගේ බොරු ප්‍රචාරය කළාම මිනිස්සු  කුපිත වෙනවා. මේ වගේ  දේවල් කරල මිනිස්සු  කුලප්පු කරන්න එපා. ජරාජීර්ණ දේශපාලන කරන්න  එපා. මේවට විරුද්ධව පැහැදිලි නීතියක් ගේන්න ඕන. වරාය ඇමතිතුමා මේ ගැන පැහැදිලි උත්තරයක් දෙන්න. වාහන 239ක් ගෙනාවනම්  වරාය ඇමති පැහැදිලි කරන්න ඕන.

වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා:

මේක මුළු බොරු ප්‍රවෘත්තියක් එහෙම කිසිම වාහනයක් ගෙන්නලා නෑ. ඒ පිළිබඳව වරාය අධිකාරියට අනුබද්ධිත ආයතනයේ සාමාන්‍යාධිකාරිවරයා  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට  පැමිණිල්ලක් කරලා තියනවා. ඒ වගේම පුවත්පත්වලට ලිපි යවලා තියෙනවා. ඒක සම්පූර්ණ ව්‍යාජ පුවතක්. මේක කරපු අය වරප්‍රසාද කමිටුවට කැදවලපරීක්ෂාවක් කිරීම  සුදුසුයි කියලා යෝජනා කරනවා.

ශාන්ත බණ්ඩාර මහතා

ජනතාවට බෙහෙත් ගන්න සල්ලි නැති වෙලාවක සැප වාහන 239ක්   ගේනවා කියලා බොරු ප්‍රචාරය කිරීම  මහ පොළොව නුහුළන අපරාධයක්. මම ලැජ්ජ වෙනව මේක ඩිලාන්  පෙරේරාත් කිව්වා. සමන්ත විද්‍යාරත්න කරපු මේ වැඩේ කොච්චර කැතද. මේවා ප්‍රකාශ පළකරපු  පුවත්පත් ඩිලාන්, සමන්ත, ෆේස්බුක් කාරයෝ ඔක්කොම වරප්‍රසාද කමිටුවට ගේන්න.

නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා

මේ වගේ සිද්ධියකට මමත් මුහුණ දුන්නා. පුවත්පත් පැමිණිලි මණ්ඩලයට මම ගියා. ඒ ජාතික පුවත්පත් දෙකම
මගෙන් සමාව ගත්ත. නමුත් මට එතනදී  අසාධාරණයක් වුණා. ප්‍රවෘත්තියක නිවැරදිභාවය සොයන්නේ නැතිව පළ කළාම වෙන විනාශය විශාලයි. මාධ්‍ය කලාව තුළ සදාචාරය හදන්න වැඩපිළිවෙළක් හැදිය යුතුයි. අද රටට සාධාරණ යුක්ති සහගත මාධ්‍ය කලාවක් අවශ්‍යයි. මේ වගේ ප්‍රවෘත්ති නිසා රට ගිනි ගන්නවා. මහජන නියෝජිතයන්ගේ ගෞරවය කෙලෙසනවා . දළදා මාලිගාවට අපහාස කරපු  මිනිහා සමාව ගත්තා. නමුත් ඔක්කොම විනාශය කරලා ඉවරයි. මේ වගේ බොරු  ප්‍රවෘත්ති නිර්මාණය කරලා සමහරු කෝටි ගණන් මුදල් උපයා ගන්නවා.

ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා

ඡන්දය දැම්මොත් මරණය කියන සටන් පාඨ අපි එදා ඇහුවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වගකීමට හානිවන ප්‍රවෘත්ති ඵලකිරීම හොඳ නෑ. මේ සම්බන්ධයෙන් කතානායකතුමා පුවත්පත්  කර්තෘවරුන් සමඟ සාකච්ඡාවක් කරන්න. විද්‍යුත් ආයතන පනත් කෙටුම්පතක් සම්මත කරගන්න කැබිනට් අනුකාරක සභාවක් පත් කළා. මාධ්‍ය පිළිබඳව යම් යම්කිසි ප්‍රමිතියක් ඇති කළ යුතුයි. දියුණු මාධ්‍ය අධිකාරි පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරනවා.

ලක්ෂ්මන් කිරිඇල්ල මහතා

සදාචාරය මේ පාර්ලිමේන්තුවෙන් පටන් ගන්න ඕන. මෙතනත් සමහරු අසත්‍ය ප්‍රකාශ කරනවා.
නමුත් මූලාසනය ඒවා ඉවත්  කරගන්න කියන්නේ නැහැ. අපි මුලින්ම පාර්ලිමේන්තුවෙන් ආදර්ශයක් දෙමු.

 



අදහස් (4)

ඇමැති වාහන ගැන ජවිපෙ ප්‍රකාශය බොරුවක්

දාස Thursday, 23 February 2023 11:34 AM

කප්පන් පප්පෙක් කථා කරයි

:       4       10

ලමය Thursday, 23 February 2023 11:36 AM

ඒ අය බොරු කියල තියෙනවනන් ඒ අයට විරුද්ධව නඩු දාන්න

:       2       7

මැක්ස් Thursday, 23 February 2023 12:37 PM

ජවිපෙත් ඔබතුමාලා වගේම තමයි. කවද්ද ඇත්ත කිව්වෙ...!

:       1       0

Bamunuarachchi Thursday, 23 February 2023 08:06 PM

ජෙප්පෝ හිටු කියලා බොරු කියන බව මිනිස්සු දන්නවා.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 435 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 611 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 248 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site