IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ඇමති ලේකම්වරුන් රන් සෙවූ තැන පොලිසිය කැනිම් අරඹයි - වීඩියෝ

 

(රොමේෂ් මධුෂංක)

යුද සමයේ කොටි ත්‍රස්තවාදීන් වළ දැමූ බවට සැකකර මුලතිව් පුදුකුඩිඉරිපුප් ප්‍රදේශයේ  අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත කැනීම් නැවත අද ආරම්භ කළ බව පුදුකුඩුඉරිප්පු පොලිසිය කියයි.         

අමාත්‍යංශ ලේකම්වරුන් විසින් ගොඩගැනීමට උත්සහ ගත් ස්ථානය මෙසේ කැනීම් ආරම්භ කළ බව ද පොලිසිය පවසයි. 

මුලතිව් මහෙස්ත්‍රාත් ආර්. සර්වනරාජා මහතාගේ අධීක්ෂණයන්  ග්‍රාම නිලධාරීවරුන්ගේ සහභාගීත්වයෙන් පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේද සහයෙන් කැනීම් කටයුතු ඊයේ ආරම්භ කළ අතර පස්කපන යන්ත්‍රවලින් අඩි පහක පමණ වලවල් දෙකක් ඊයේ කැපුවද එහි හිස් බැරලයක් පමණක් තිබී හමු විය.

වරින් වර වර්ෂාව ඇදහැලීමත්, ජලය ඉවත් කිරීමට අපහසුවීම නිසා හේතුවෙන් අදාල ස්ථානයට සහ අවට ප්‍රදේශයට පූර්ණ පොලිස් ආරක්ෂාව යොදවා අද දිනය දක්වා කැනීම් කටයුතු කල් දැමීමට මුලතිව් මහෙස්ත්‍රාත්වරයා විසින් නියෝග කරන ලදි.

 



අදහස් (3)

ඇමති ලේකම්වරුන් රන් සෙවූ තැන පොලිසිය කැනිම් අරඹයි - වීඩියෝ

kahawitage Friday, 03 December 2021 11:56 AM

මේකෙන් පැහැදිලි වෙන එක දෙයක් තමයි ඇමැතිලා කියන්නේත්, ඇමැති ලේකම්ලා කියන්නේත් පට්ටම හොරු කියලා.. මේ දෙතුන් ගොල්ලන්ම එකතුවෙලා තමයි මේ රට ඉතියෝපියාවටත් වඩා අන්ත තත්වයකට පත් කරලා තියෙන්නේ...

:       0       23

Pwsenevirathne Friday, 03 December 2021 12:08 PM

ඕවා කලින්ම සුද්ද කළා, ඔයින් ටිකක් තඹ මිශ්‍රකරලා සඳගිරි සෑයට දැම්මා. අනිත් වැඩි කොටස මැදමුලනේ...!

:       7       16

Hafeel Friday, 03 December 2021 02:35 PM

ඕවා මීට කලින් කවුරු අරගෙනද? නැත්නම් කොහොමද හිස් බැරලයක් හමුවෙන්නේ?

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 252 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site