IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


’’ඇමති බංගලා ගැන තවමත් තීරණයක් නෑ’’

(සුජිත් හේවාජුලිගේ)

ආණ්ඩුව බලයට පත්වී මාස හතකට ආසන්න කාලයක් ගතවී ඇතත් කොළඹ  ඇමැති බංගලා සම්බන්ධයෙන් තවමත් කිසිදු තීරණයක් ගෙන නැතැයි වාර්තාවේ.

මේ අතර මෙම ඇමැති බංගලා බොහොමයක්  කැලෑ වැදී විනාශ වෙමින් පවතින බව ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් අප රාජ්‍ය පරිපාලන පළාත් සභා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අභයරත්න මහතා ගෙන් කළ විමසුමකදී ඔහු සඳහන් කළේ ඇමති බංගලා සම්බන්ධයෙන් තවමත් තීරණයක් ගෙන නැති බවයි.

ඇමැති බංගලා කුලියට ගැනීමට විවිධ ආයතන සහ පුද්ගලයන් රැසක් දැනටමත්  ඉදිරිපත්ව සිටින බවද ඔහු ප්‍රකාශ කළේය.

තානාපති කාර්යාල විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විවිධ අමාත්‍යාංශ  ඇමැති බංගලා කුලියට ගැනීමට ඉදිරිපත්ව සිටින ආයතන වේ.

කොළඹ පවතින ඇමැති බංගලා සංඛ්‍යාව තිස්පහකි.

මේ සෑම ඇමති බංගලාවක්ම ලොකු භූමි භාගයක පිහිටා ඇති හෙයින් මේවා නඩත්තු කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.



අදහස් (5)

’’ඇමති බංගලා ගැන තවමත් තීරණයක් නෑ’’

යෝගා Monday, 09 June 2025 06:26 PM

අර සැප වාහන දන්සල වගේ ඇමති බංගලා දන්සල දෙන්න ගජමිතුරෝ ටික සෙට් වෙනකම් පොඩ්ඩක් පරක්කු කලා. තක්සේරුකාරයාව ෂේප් කරගන්නත් එපැයි.

:       0       0

fairoosmr Monday, 09 June 2025 07:03 PM

ජනාධිපතිතුමන් ඉක්මන් විසඳුමක් දෙයි

:       0       0

සෙනෙවිරත්න Monday, 09 June 2025 08:41 PM

කැලෑ වැදී විනාශ වෙනවා කියන කතාව පිළිගන්න බැහැ... මොකද ඕවා නඩත්තු කළේ හිටපු අය නොවෙයි රජයමයි. රජය ඒක දිගටම කළ යුතුයි... නමුත් ඕක උඩ දමදමා ඉන්නේ නැතිව කළයුතු දෙය කරන්න විපක්ෂයට මාතෘකා නොදී...

:       0       0

Yass Tuesday, 10 June 2025 07:38 AM

අලුතින් ආපු සෙට් එකට දෙන්න. වතුර, ලයිට් බිල්, ටෙලිෆෝන් බිල් තමන් විසින්ම දැරිය යුතුයි කියලා දෙන්න. පාර්ලිමේන්තු කාල සීමාවට යටත් කරලා දෙන්න.

:       0       0

Prabath Tuesday, 10 June 2025 04:22 PM

මොවුන්ට මේකවත් කරගන්න බෑ. කොහොමද රටක් පාලනය කරන්නේ...? කයිය විතරයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 390 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 109 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 794 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site