IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ඇමැති තොණ්ඩමන් අවසන් ගමන් යයි

(ඡායාරූප - රංජිත් රාජපක්ෂ)

(ඡායාරූප - ශාන්ත චන්ද්‍රසිරි)

 

ලංකා කම්කරු කොංග්‍රසයේ නායක සහ හිටපු අමාත්‍යය ආරුමුගන් තොණ්ඩමන් මහතා වතුකරයේ ජනතාවගේ , අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ මැති ඇමතිවරුන්ගේ සෝ සුසුම් මැද අද (31) පස්වරුවේ නොර්වුඩ් තොණ්ඩමන් ක්‍රිඩාංගණයේදි අවසන් ගමන් ගියේය.

ඉකුත් 26 දින හදිසියේ ඇති වූ හෘද්‍යාබාධයක් හේතුවෙන් තොණ්ඩමන් මහාතා තලංගම ප්‍රාදේශිය රෝහල වෙත ඇතුළත් කරන විට අභවප්‍රාප්ත විය.

කොටගල ලංකා කම්කරු කොංග්‍රස් මුලස්ථානයේ තැනපත් කර තිබු අමාත්‍යවරයාගේ දේහය අද (31) දින පස්වරුවේ පැවැත් වු හින්දු චාරිත්‍ර වතාවන් වලින් පසු රාජ්‍යය අනුගහය ඇතිව රිය පෙරහරකින් නොර්වුඩ් ක්‍රිඩාංගණය වෙත රැගෙන එන ලදි.

අද (31) දින පනවා ඇති ඇදිරි නිතිය හමුවේ තොණ්ඩමන් මහතාගේ දේහය නොර්වුඩ් ක්‍රිඩාංගණය වෙත රැගෙන ගිය හැටන් නොර්වුඩ් ප්‍රධාන මාර්ගයට පිවිස සිටි වතු කම්කරුවන් ඇතුළු ප්‍රදේශවාසීහු තොණ්ඩමන් මහතාගේ දේහය තැනපත් කර තිබු විශේෂ රථයට පුෂ්ප උපහාර දක්වනු ලැබුහ.

අමාත්‍යවරයාගේ අවමංගල්‍යය කටයුතු වලට අමාත්‍යවරයාගේ පවුලේ සමාජිකයෝ, හිතවත්හු, ආධාරකරුවෝ , මැති ඇමැතිවරු 200 ක පමණ පිරිසක් සෞඛ්‍යය ආරක්ෂක ක්‍රමවේද සහ නිර්නායක වලට යටත්ව සහභාගි වි සිටියහ.

අමාත්‍යවරයාගේ අවසන් කටයුතු සිදු කරනු ලැබු නොර්වුඩ් ක්‍රිඩාංගණයට මහ සංඝ රත්නය සහ අන් ආගමික පුජකවරුන් සහභාගි වි සිටි අතර තොණ්ඩමන් මහතාගේ දේහය රැගත් රිය පෙරහර ගමන් ගත් කොටගල සිට නොර්වුඩ් දක්වා මාර්ගය දෙපස යුද හමුදාව සහ පොලිසිය එකාබද්ධව දැඩි ආරක්ෂක වැඩ පිලිවෙලක් යොදා තිබුණි.



අදහස් (8)

ඇමැති තොණ්ඩමන් අවසන් ගමන් යයි

saman Sunday, 31 May 2020 02:41 PM

එතුමා හොඳ කෙනෙක්ද? නරක කෙනෙක්ද? කියලා නම් මම දන්නේ නෑ. නමුත් අවමංගල කටයුතු සංවිධානය කරපු සහ එයට අනුග්‍රහය දුන් බූරුවන් පිරිස නිසා ඔහුට වුනේ අපකීර්තියක්...

:       0       5

vidya Sunday, 31 May 2020 05:31 PM

නමුත් දැනට රටේ තිබෙන කොරෝනා වයිරසය පාලනය කිරීමට තිබෙන නීතිරීති ඔක්කොම කඩවෙලානේ තියන්නේ මෙතන... මෙහෙම යනකොට හැම ජනවර්ගයාම මෙවැනි අවමංගල උත්සව තැබීමට පැරණ ගනියි. කෝ මේ විද්වත් මණ්ඩලය, පූජකයෝ සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව...?

:       1       93

adiri Monday, 01 June 2020 02:48 AM

පිටින් ආපු දුවටත් එන්න දුන්නද ?

:       0       40

chinthana Monday, 01 June 2020 03:12 AM

සෞඛ්‍යය ආරක්ෂක ක්‍රමවේද සහ නිර්නායක? අඩුගානේ මීටරේ පරතරේවත් නෑ. ලොකු ටෝක් දුන්න පොලිසිය මොනවා කරයිද? දේශපාලුවන්ට නඩු දන්නා බෑනේ, අඩුගානේ එක ආධාරකරුවෙකුට නඩුවක් දන්නා පුලුවන්ද? ඔය නෝනලා කීපදෙනෙක් මීටරේට වඩා ලගින් ඉන්නේ.

:       2       162

Hemantha Monday, 01 June 2020 04:30 AM

වාඩිවෙලා ඉන්න කීප දෙනා පමණක් මීටරේ දුරින් වාඩි වෙලා ඉන්නවා. රූපවාහිනියට පෙනෙන්න විතරද නීතියට වැඩ කරන්නේ?

:       1       67

siri Monday, 01 June 2020 10:14 AM

තව කීදෙනෙක් එක්කද ගියේ? ඡන්දයක් අත ළඟ තිබුනේ නැත්නම් එයාටත් නීතිය ක්‍රියාත්මක වෙන්න ඉඩ තිබුණා. කාට කියම්දෝ මෙවන් දෝෂා...?

:       0       80

Siripala Wednesday, 03 June 2020 10:29 AM

මැදමුලන ඡන්ද හම්බවෙනවා නම් ඕනෑ දෙයක්...

:       0       1

isurandi Wednesday, 03 June 2020 04:24 PM

කිව්වත් වගේ අපේ එම කාලගේ ජානමය විකෘති භාවයක් නිදහසෙන් පස්සේ පවත එන්නේ. කොරෝනා නෙමෙයි ඔයිට වඩා යමක් උනත් චන්ද පෙරේතකමට කරේ තියන් වුණත් යයි අපේ එවුන් ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 145 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 43 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 741 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site