IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ඇමති ගෙවල් 11කිනුත් ජල පොල්ලක්

(සුජිත් හේවාජුලිගේ )

අමාත්‍යවරුන්ගේ නිල නිවාස එකොළහක ජල සම්බන්ධතා වෙනුවෙන් රුපියල් ලක්ෂ 46 කට ආසන්න මුදලක් දීර්ඝ කාලීනව හිඟව පැවතුණු බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

මේ අතර ගාල්ල නගර සභාවේ  නීති විරෝධී ජල සම්බන්ධතා දෙකක් සම්බන්ධයෙන් වසර 19ක සිට රුපියල් ලක්ෂ දාහතක මුදලක්ද කොළඹ නගර සභාවේ රුපියල්  තුන් කෝටියකට ආසන්න මුදලක්ද  2022 වර්ෂය අවසන් වනවිටත්  අයකරගෙන නොතිබූ බව එම වාර්තාවේ දැක්වේ.

වෙළඳ සහ අනෙකුත් ණයහිමියන්ගේ  රුපියල් කෝටි 118 ක ණය ශේෂයක් 2022 දෙසැම්බර් 31 වැනිදා වනවිට  පියවීමකින් තොරව  පැවතුණ බව වාර්තාව සඳහන් කරයි.

තවද මණ්ඩලයේ සියයට අනූවකට වැඩි සේවක පිරිසක් රුපියල් එක් කෝටි හැත්තෑ පන් ලක්ෂයක ණය සහ අත්තිකාරම් මුදල්  අය කර ගැනීමෙන් තොරව විශ්‍රාම යෑමට ඉඩ සලසා තිබූ බව පවසන විගණන වාර්තාව මණ්ඩලයේ  හිටපු  සභාපතිවරයාට වාහන තුනක්  සහ හිටපු උපසභාපතිවරයාට වාහන දෙකක්  මහා භාණ්ඩාගාරයේ අනුමැතියකින් තොරව  ලබාගෙන තිබූ බව ප්‍රකාශ කළේය.

මෙයට අමතරව මණ්ඩලයේ  හිටපු  සභාපතිවරයාට සහ උප සභාපතිවරයාට මසකට ඉන්ධන ලීටර් 150ට අමතරව  රුපියල් 60,000ක ඉන්ධන අත්තිකාරමක්ද මහා භාණ්ඩාගාරයේ අනුමැතියකින් තොරව ගෙවා තිබූ බව  එහි දැක්වේ.

මෙම තොරතුරු සඳහන් වන්නේ  ජාතික ජල සම්පාදන හා ජලා පවාහන මණ්ඩලයේ 2022 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.



අදහස් (2)

ඇමති ගෙවල් 11කිනුත් ජල පොල්ලක්

ravin Wednesday, 17 January 2024 03:13 PM

යම් යම් නිලධාරින්ගේ අදක්ෂතාවයට ගෙවන්නේ කවුද? ජලපරිභෝගිකයෝ නොවේද?

:       0       8

බංකු බංකු Wednesday, 17 January 2024 05:32 PM

ඉතින් මොකක්ද ප්‍රශ්නය...? ඔය හැමෝටම වැටුප් හා දීමනා ගෙවීමත්, විශ්‍රාම වැටුප් ගෙවීමත් කරන්නේ පාර්ලිමේන්තුවේ සිටින නිලධාරින් නේද? එහෙනම් කරන්න තියෙන්නේ ඔවුන්ගේ වැටුපෙන් නැත්නම් විශ්‍රාම වැටුපෙන් අයකිරීම කියලා මතක් කරන්නත් ඕනෑද? එහෙම නොකර සිටිනවා නම් අකාර්යක්ෂමතාවය මත අදාල අයට විනයානුකූලව දඬුවම් කරන්න ඕනෑ...

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 28 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site