(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
කතරගම කඳසුරිදු ගම ප්‍රදේශයේ පිහිටි නිවසක් ඉදිරිපිට රැඳී සිටි පුද්ගලයන් දෙදෙනකු ඉලක්ක කර අද සවස 4.00 පමණ වෙඩි ප්‍රහාරයක් එල්ල කළේ යැයි කියන ඇමති ආරක්ෂක අංශයට අනුයුක්තව රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයකු වෙඩි තැබීමට යොදා ගත් බව කියන ටී 56 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවිය ද සමඟ සැකපිට අත්අඩංගුවට ගත් බව කතරගම පොලිසිය පවසයි.
මෙම ගිනි අවියට අමතරව එම ගිනි අවියේ මැගසින් හතරක් සහ ජීව උණ්ඩ 128 ද සැකකාර පොලිස් කොස්තාපල්වරයා ළඟ තිබී පොලිස් භාරයට ගෙන ඇත.
වෙඩි ප්‍රහාරය එල්ල වනවා සමගම නිවස ඉදිරිපිට රැඳී සිටි පුද්ගලයන් දෙදෙනා පලා ගොස් නූලෙන් දිවි බේරාගෙන ඇතැයි පොලිසිය සදහන් කරයි.
පුද්ගලික අමනාපයක් මත මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර තිබෙන බවට තොරතුරු පොලිසියට ලැබී ඇතැයි කියති.
ඇමති ආරක්ෂක අංශයේ රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයා ළඟ තිබී සොයා ගත් ගිනි අවිය මැගසින් හතර සහ ජීව උන්ඩ තොගය ඔහුට රාජකාරි සඳහා නිකුත් කර තිබූ ඒවා බව බවට පොලීසිය සැකකරයි.
2025 දෙසැම්බර් මස 16
48
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
842
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
609
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඇමති ආරක්ෂකයා කතරගමදි වෙඩි තියලා
ගැමුණු Tuesday, 29 August 2023 08:34 PM
මුන් හරිම භයානකයි, මිනිස් වෙස් අරන් දෙවියොත් ඔය පැත්තේ එහෙ මෙහෙ යනවාලු. මුන් දෙයියන්ට වුනත් කොකා ගස්සන්න පුළුවන් . ඔය ඔක්කොම මහින්ද කියන පජාත නරියා හදපු බයියෝ.මේවගේ උන්ව ඔන් ද ස්පොට් වෙඩි තියලා තොලොංචි කරන්න ඕනා.
Perera Wednesday, 30 August 2023 06:59 AM
වෙඩි තියන්න ඕනෑම එකාට නෙමෙයිනේ වෙඩිල්ල තියලා තියෙන්නේ