IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ඇමතිවරු ඥානසාර හිමිගේ සුවදුක් විමසීමට යති

සිරගත කර සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ සුවදුක් විමසීම සඳහා ඇමතිවරු පිරිසක් අද (21)  වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත පැමිණයහ.
 
විදුලිබල අමාත්‍ය රවී කරුණානායක, ජාතික සංහිදියා අමාත්‍ය මනෝ ගනේෂන් සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි යන මහත්වරු මෙම අවස්ථාවට සහභාගී වූහ.
 
එම අවස්ථාවේදී ‘නොකළ වැරදි චෝදනා පත්‍රයට ඇතුළත්කර ඒවා අධිකරණයේදී ඔප්පු කර තමන්වහන්සේව අසාධාරණ ලෙස සිරගත කිරීමට කටයුතු යෙදුණු’ බව ඥානසාර හිමි අමාත්‍යවරුන්ට පෙන්වා දී තිබේ.
 
අධිකරණ ශාලාව තුළ මහේස්ත්‍රාත්වරයා සහ තමන් වහන්සේ අතර ඇතිවූ කතා බහ ඇතුළත් වීඩියෝවක් අන්තර්ජාලයේ සැරිසරන බවත් එය නරඹා සත්‍ය තේරුම්ගත හැකි බවත් ඥානසාර හිමි  වැඩිදුරටත් පවසා ඇත.

(ඡායාරූප - ශාන්ත රත්නායක)



අදහස් (9)

ඇමතිවරු ඥානසාර හිමිගේ සුවදුක් විමසීමට යති

sirimal Thursday, 21 February 2019 12:08 PM

අධිකරණ ශාලාව ඇතුලේ කොහොමද රූපගත කලේ? දැන් ඔය කතාව කීවට ආයෙත් හිරේ යන්නයි වෙන්නේ.

:       18       218

ThushanFriday, 22 February 2019 08:06 AM

හාමුදුරුවෝ වීඩියෝ කරන්න කියල නැනේ. ඉතින් මොකටද තව පාරක් ඇතුලට යන්නේ

:       16       8

nihal c k Thursday, 21 February 2019 12:12 PM

නීතිය කාටත් සාධාරණයිලු එත් බැංකු හොරු තවමත් යහතින්

:       240       394

jayantha Friday, 22 February 2019 01:55 AM

මේක හරිම ලස්සන වැඩක්. මෙයාලා යනවා කිසිම වරදක් කරලා නැති නිර්බීත හාමුදුරුවෝ බලන්න.

:       1       83

Bandara Friday, 22 February 2019 07:36 AM

මොකද්ද මේ නාඩගම

:       60       92

ravi Friday, 22 February 2019 12:12 PM

යම්කිසි කෙනෙක් උසාවියකින් වැරදිකරුවෙක් වුණාට පස්සේ... සිරගත වුණාට පස්සේ... මොනවද මේ සිද්ද වෙන නරි නාඩගම්..? මෙව්වා මේ නීතියට විරුද්ධව සිද්ද වෙන දේවල් නේද..?

:       0       13

smn Friday, 22 February 2019 12:36 PM

මේ දෙතුන්දෙනාට හදිසියේම ඇතිවෙච්ච වලිප්පුවේ රහස මොකක් වෙන්න පුළුවන්ද?

:       0       0

ෂංඉඳියාFriday, 22 February 2019 02:41 PM

පුංචියට රිවස් සංහිඳියා පාරක් දාල බලන්න. ඊළඟ ඡන්දෙත් ළඟයිනේ..

:       0       0

Sc Friday, 22 February 2019 04:05 PM

හාමුදුරුවෝ උසවියට ගිහින්. නුසුදුසු ලෙස හැසුරුන බව ඇත්තනෙ. ඒ නිසා දඩුවමක් නියම උනා. දඩුවම විදලා ඇවිත් උන්නාන්සෙ වඩා නිවරදිව සමාජ කටයුතු කරාවි. ඒක නෙමෙයි ප්‍රශ්නය මොකාටද මේ එන්න හදන්නෙ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 296 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 96 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 785 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site