IMG-LOGO

ඇමතිවරයකුගෙන් විදුලිබල මණ්ඩලයට කෝටියක පොල්ලක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

විදුලිය ලබාගෙන විදුලිබල මණ්ඩලයට රුපියල් එක් කෝටි  විසිලක්ෂයක  පොල්ලක් තැබූ ඇමැතිවරයා සම්බන්ධයෙන්  වහාම ක්‍රියාමාර්ගයක් ගත යුතු බව සමගි ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය.

ඔහුගෙන් එම මුදල වහාම  අය කර ගැනීමට පියවර ගත යුතු බවද හෙතෙම සඳහන් කළේය. අප්පුහාමි මහතා මෙසේ පැවසුවේ නිෂ්පාදන ද්‍රව්‍ය   තැරැව්කරුවන්ට බලපත්‍ර දීමේ පනත යටතේ නියෝග පිළිබඳ විවාදයේදීය.

පොඩි පොඩි විදුලි බිල් නොගෙවන අහිංසක මිනිස්සුන්ට ගෙවල් වලටම ඇවිත්  පාට් දාන විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් කෝටි ගණනින් විදුලි බිල් නොගෙවන ඇමැතිවරුන්ගේ ගෙවල්වලට  කිසිදිනක නොයන බව පැවසූ මන්ත්‍රීවරයා විදුලි බිල් නොගෙවන
තවත් ඇමැතිවරුන් සිටින බවද ප්‍රකාශ කළේය.

ඒ අයගේ එම  හිඟ බිල් ද  වහාම අයකරගත යුතු බව ඔහු සඳහන් කළේය. රටේ විශාල ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක ඒ උදවියට රජයේ මුදල් සමග සෙල්ලම් කිරීමට ඉඩ නොදිය යුතු බව හෙකටර් අප්පුහාමි මහතා වැඩිදුරටත් පැවසීය.



අදහස් (5)

ඇමතිවරයකුගෙන් විදුලිබල මණ්ඩලයට කෝටියක පොල්ලක්

Raveendra Tuesday, 22 February 2022 06:46 PM

අප්පුහාමි ගොයියෝ නිකං ඉන්නේ නැතිව කටඇරලා කියන්නකෝ කව්ද ඒ "කාලකන්නි ඇමතියා" කියලා...?

:       0       0

hamneth Tuesday, 22 February 2022 07:40 PM

තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඔය දූෂණ විරෝධී සංවිධානයකට බැරිද ඔය ඇමැතිවරයාගේ නම ලබාගෙන රටට දැනගන්න සලස්වන්න.

:       0       1

uk ran Tuesday, 22 February 2022 09:14 PM

ඔච්චර දන්නවානම් එයාලගේ නම්ටික දාන්නකෝ...!

:       0       1

සිසිල් සුදේශ් Wednesday, 23 February 2022 08:49 AM

ලැජ්ජයි. මොවුන්ගේ නම් පළකළ යුතුයි.

:       0       7

sharm warn Wednesday, 23 February 2022 12:09 PM

නම කියන්න බැරි නමක්ද? ඇමැතියෙක් මෙහෙම මංකොල්ල කන එක වසන් කරන මාධ්‍ය, පොල්ගෙඩි 2ක් හොරකම් කරන මිනිහගේ හත්මුතු පරම්පරාවේම ඉතිහාසයයි, භූ ගෝලයයි ප්‍රසිද්ධ කරලා තියෙයි. නම කියන්නේ නැතිනම් අඩුගානේ කරන වරදට දඬුවම් දීලා ගාස්තු අයකර ගන්න ඕනේ නැද්ද? ඔවුන්ගේ නොගෙවන බිල් යන්නෙත් අපේ පොකට්වලින්ද?

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 66 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 266 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 442 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site