(අජන්ත කුමාර අගලකඩ)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවට එක්ව ඇමති ධුර ලබාගත් මන්ත්‍රීවරුන් පක්ෂයේ දරන තනතුරුවලින් ඉවත් කිරීමට සූදානම් වන බව එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.
පළමු පියවර ලෙස ඔවුන් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කර,පසුව චෝදනා පත්‍රයක් ඉදිරිපත් කර පක්ෂ සාමාජිකත්වය ද අත්හිටුවීමට සැලසුම් කරමින් සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආරංචි මාර්ග වලින් පැවසේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් ගේ විශේෂ සාකච්ඡාවක් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඔහුගේ නිල නිවසේ දී ඉකුත් දා පැවති අතර,මේ සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කර ඇතැයි දැනගන්නට ඇත.
ආණ්ඩුවට එක්ව කැබිනට් ඇමති ධුර ලබාගත් නිමල් සිරිපාල ද සිල්වා සහ මහින්ද අමරවීර යන මහත්වරුන් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් ලෙස කටයුතු කරන අතර,ළගදි රාජ්‍ය අමාත්‍ය ධුරවල දිවුරුම් දුන් ලසන්ත අලගියවන්න මහතා පක්ෂයේ භාණ්ඩාගාරික ලෙස ද,චාමර සම්පත් දසනායක සහ ජගත් පුෂ්පකුමාර යන මන්ත්‍රීවරුන් උප ලේකම්වරුන් ලෙස ද කටයුතු කරති.
ඒ අනුව මෙම පිරිස එම තනතුරුවලින් ඉවත් කිරීම සිදුවනු ඇතැයි වාර්තා වේ.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
219
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇමතිකම් ගත් එස්.එල්.එෆ්.පී මන්ත්‍රීන් තනතුරු ඉවතට?
ravin Saturday, 17 September 2022 12:23 PM
ජයවේවා..! කොහොමත් නොකෙරෙන බේතට කෝඳුරු හත්පට්ටයකුත්, ටිකකුත් ඕනෑය කියලා දැනගෙන වෙන්නැති...
ranjith Saturday, 17 September 2022 01:56 PM
ඉතුරු කීප දෙනාත් පොහොට්ටුවට යවලා, විනාශ කරපු SLFP එක බණ්ඩාරනායකලාටම දීලා දාන්න... දැන් ඇති බණ්ඩාරනායක නම විකුණලා ගහපු ගේම් ටික...
Demuni Uduwara Sunday, 18 September 2022 08:56 AM
විනය අනිවාර්යයි!