(පද්මා කුමාරී කංකානම්ගේ)
කල්පිටිය කුඩාව වෙරළ තීරයේ දී අද(22) බටු සහ කොළ කැස්බෑවන් 82 ක්, සයුරට මුදා හැරිය බැව් කල්පිටිය භාර ජ්‍යෙෂ්ඨ අඩවි ආරක්ෂක නිලධාරී මංජුල කුමාර මොරතැන්න මහතා පවසයි.
කැස්බෑ බිජු විශාල ප්‍රමාණයක් මේ වන විට වන ජීවී නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ සංරක්ෂණය කර ඇති බවත්,එම බිත්තර බිඳී පැටවුන් මේ වන විට එළියට පැමිණෙණ බව ඒ මහතා පැවසුවේ ය.
කැස්බෑ බිජු තුලින් පැටවකු පිටතට පැමිණීමට දින 45 හේ සිට 53 දක්වා කාලයක් ගත විය හැකි ය.
ශ්‍රී ලංකා මුහුදු තීරයට බහුලවම පැමිණෙන්නේ බටු කැස්බෑවන් බවත්, කොළ සහ ඔලු ගෙඩි කැස්බෑවන් සුලු වශයෙන් පැමිණෙන බවත් වාර්තා වේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඇඳිරිනීතිය සමයේ කැස්බෑ පැටව් මූදු යති