(ඩයනා උදයංගනී)
සාරිය හා ඔසරිය වෙනුවට වෙනත් ඇඳුම්වලින් සැරසී පාසල් පැමිණි ගුරුවරියන් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විනය පියවරක් ගත යුතු බව වැඩබලන ජනමාධ්‍ය අමාත්‍ය සහ කැබිනට් ප්‍රකාශක ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.
ගුරුවරියන්ගේ ඇඳුම වෙනස් නොකරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැහැදිලිව ප්‍රකාශ කර තිබියදී පිරිසක් වෙනත් ඇඳුම්වලින් සැරසී පැමිණීම ගැන අධ්‍යාපන අමාත්‍යාංශය සොයාබැලිය යුතු බවත්, ඒ ගැන අධ්‍යාපන අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කරන බවත් වැඩබලන ඇමතිවරයා කීවේය.
ශාන්ත බණ්ඩාර මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (22) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
2025 දෙසැම්බර් මස 18
117
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
949
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇඳුම වෙනස් කළ ගුරුවරියන් ගැන විනය පියවර ගත යුතුයි
Buddika Tuesday, 22 November 2022 01:26 PM
අහ් එහෙමද.? එතකොට මේ රට විනාස කරපු, ධනය හොරකම් කරපු දේශපාලකයෝ ගැන මොනවද කියන්නේ.?
Kumara Tuesday, 22 November 2022 01:28 PM
ගුරුවරියන් ට නිල ඇඳුමක් නියම කර තියනවාද? ඒ මොකද්ද? නිල ඇඳුම් සපයනවාද? ඒ සඳහා දීමනා ගෙවනවාද? දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.
pakeer Tuesday, 22 November 2022 02:12 PM
ගොන් ආතල් දෙන්න එපා . රටෙ සාරි නෙමි, තව ටික දවසකින් හෙලුවෙන් තමයි වැඩට එන්න වෙන්නෙ. දන්නවද දැන් නිකන් සින්තටික් සපත්තු ඩෙකක් කීයද කියල? කමිසයක්, කලිසමක් කීයදල? හම්බවෙන්නෙ 40000යි මාසෙට...මෙකෙන් උම්බ කියන විඩිහට මිනිස්සුන්ට එන්න බැහැ...එ අයට පහසු විදිහට, එ අයගෙ ආර්තිකෙ හටියට තමයි අදින්න පුලුවන්....
sharm warn Tuesday, 22 November 2022 02:44 PM
ගුරුවරියන්ගෙ රෙද්ද ගැන කතා කරන්න මුන්ට කොන්ද පන තියෙනව. . අපෙ බදු මුදල් මංකොල්ල කාපුවා ගැන දන්නෙත් නෑ දැක්කෙත් නෑ. . එතකොට බබාලා.. මෙ කොහෙ යන පාදඩයෙක්??
විජේ Tuesday, 22 November 2022 03:25 PM
හෙලුවෙන් ඉන්න දේශපාලුවන්ට මොකද එතකොට කරන්නෙ?
ගමේ එකාලා Tuesday, 22 November 2022 04:27 PM
ඇදුම් නෙවෙයි වැදගත් වෙන්නේ,තමුන්ගේ රාජකාරිය හරියට කරබ එක. සාරි අදින්ට කියන්නේ හරියට රෙදි යාර 6 ගානේ දෙනව වගේ? විනය පියවර ගන්ඩ ඕනේ රටම හොරාකාලා විනාශ කරපු දූෂිත දේසපාලුවන්ට විරුද්ධව ?