IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


ඇඳන් - පරීක්ෂණ කට්ටල ගෙන්වන්න පෞද්ගලික අංශයටත් අවස්ථාව දෙන්නැයි රනිල් කියයි

(නිමල කොඩිතුවක්කු)

ජනතාවගේ සෞඛ්‍ය  තත්ත්වය  රැකගැනීම සඳහා ස්වසනය පහසු කරවන ඇඳන් සහ  ස්වසන රෝග සම්බන්ධයෙන් පරීක්ෂණ කළ හැකි උපකරණ කට්ටල මෙරටට ගෙන්වීමට පෞද්ගලික අංශයටද අවස්ථාව දෙන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක  හිටපු  අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා රජයට දැනුම් දී තිබේ.

කොරෝනා ආසාදිත තත්ත්වයෙන්  ජනතාව මුදා ගැනීම සදහා  කළ යුතු පළමු කාර්ය   සෞඛ්‍යය පැත්තෙන් ආරක්ෂා වීම යැයිද  එක්සත් ජාතික පක්ෂ නායක,  හිටපු  අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා වැඩිදුරටත්  සඳහන් කර සිටියේය. මෙයට අමතරව මෙවැනි වසංගත තත්ත්වයකදී ක‍්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් අවශ්‍ය නීති සියල්ලක්ම  සම්මත කරගන්නා ලෙසද රනිල් වික‍්‍රමසිංහ  මහතා  රජයට දැනුම් දී සිටියේය.

මෙරට  ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය  ආරක්ෂා කිරීම සදහා ගන්නා ඉහත පියවර සියල්ලකටම එක්සත් ජාතික පක්ෂයේ පූර්ණ  සහය ලැබෙතැයිද රනිල් වික‍්‍රමසිංහ මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කරයි.

එංගලන්තය, නෝර්වේ ආදි රටවල් සහ පසුව හෝ ඉතාලිය කොරෝනා වයිරසය පැතිරයාම වැලැක්විමට අනුගමනය කළ ක‍්‍රමවේද  ශ්‍රී ලංකාවේත් ක‍්‍රියාත්මක කිරිමට පියවර ගැනීම තුලින්  වයිරසය පැතිරයාම වැලැක්වීමට ගත් ක‍්‍රියාමාර්ග කෙරෙහිද  රජයේ අවධානය යොමුවිය යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ නායක  හිටපු  අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.



අදහස් (17)

ඇඳන් - පරීක්ෂණ කට්ටල ගෙන්වන්න පෞද්ගලික අංශයටත් අවස්ථාව දෙන්නැයි රනිල් කියයි

Raveendra Thursday, 26 March 2020 09:07 AM

මගේම ගොට්ටන් විසින් තුන් ලෝකෙටම බුද්ධිමතා යයි කියන සුත්තර පුංචා වන මමද මේ අවස්ථාවේ කුමක් හෝ බයිලා කියන්න ඕනෑම නිසා ඔන්න මම කිව්වා හොදේ..... පසුවට කව්රුවත්ම අහන්න එපා අපේ හිටපු "මහදැන මුත්ත " මුකුත් ගොන් කතාවක් කිව්වේ නැත්තේ ඇයි කියා.... එ නිසාමයි මම මේ දැන් මෙහෙම කිව්වේ හොදේ....

:       0       0

SUNIL MILANO Thursday, 26 March 2020 09:25 AM

රනිල් මහත්තයෝ ඔබගේ ටිකිරි මොලයට තේරුම් ගන්න බැරි වුණාට ඉතාලියේ කොටුවී ඉන්න අපටතේරුම් ගන්න පුලුවන් ලංකාවෙ මොකද වෙන්නෙ කියා. ලංකාවෙත් අනුගමනය කළා නම් ලංකාවෙත් මෙ වෙනකොට භාගයකට වැඩිය කොරෝනා රෝගීන් වැඩිවෙලා.කරුණාකරලා ඔබතුමා මෙ රටවලට කියන්න.

:       0       0

Anton Austria Thursday, 26 March 2020 09:27 AM

අනේ කරුණාකරලා ඔබ මේ කරගෙන යන වැඩපිළිවෙලට අත දාන්න එපා.

:       0       0

RanjithT Thursday, 26 March 2020 09:43 AM

ඔබතුමාට පුළුවන් උදව්වක් කරන්න. මේවට අත දාන්නේ නැතිව.

:       0       0

Bandara Thursday, 26 March 2020 09:47 AM

ආයෙත් ගේමකට සෙට් වෙන්නද දන්නේ නැහැ?

:       0       0

ravi Thursday, 26 March 2020 09:51 AM

අර සල්ලි .. නැවත ගෙනත් දෙන්නේ කවදාද? අනිත් පණ්ඩිතකම් වලින් වැඩක් නැත ..!!!

:       0       0

කෝලිත Thursday, 26 March 2020 09:52 AM

කොරෝනා ගාපු ඇදන් සෙට් ටිකක් ගෙන්වල බායී...

:       0       5

අන්දමන්ද සජිත් Thursday, 26 March 2020 10:44 AM

අනේ කට වහගෙන ඉන්න. දන්න දෙයක් නැහැ. බැංකුවක් කඩාගෙන කන්න.

:       22       439

sigithi Thursday, 26 March 2020 10:48 AM

අනේ මෙහෙමත් ගොන් වස්සෙක්. හොද වැඩපිළිවෙලක් කරගෙන යන වෙලාවේ බොරදියේ මාළු බානවා.

:       16       174

Nimala Thursday, 26 March 2020 10:57 AM

ඇයි ඔයාගෙ හෙන්චයියන්ට හොදට ගසා කන්න වැඩ සලසා දෙන්නද මහ බැංකුව සුද්ද කරා වගේ ? දැන් හැමදෙයක්ම අපේ හමුදාවෙ කොල්ලො ටිකයි, ජනාධිපතිතුමයි, වෛද්‍යවරු ටිකයි, අදාළ අමාත්‍යංශ ටිකයි, රෝහල් වල ඉන්න සුළු සේවකයගේ ඉදන් ඉහළම පුටුවට යනකන් ඉන්න සේරම කට්ටියයි, අනිත් අදාල අංශ ටිකයි (මම සදහන් නොකළ සේරම මෙමගින් අදහස් වෙයි කියල හිතනව) එකතු වෙලා ඔය යස අපූරුවට වැඩ ටික කරන් යනව්. ඒක නිසා ඔයා කලබල නොවී ඉන්න පව් නොදී. ඔයා දන්නෙ බැංකු සුද්ද කරන්න විතරයි්.

:       25       159

RaveendraThursday, 26 March 2020 12:24 PM

ඇයි මොකද ප්‍රශ්නේ ඔහෙලට හරිම ඉරිසියයි නේද " මම කතාවක් කිව්වම "..සජි පුතාත් "වෛද්‍යවිද්‍යාවේ කෙල පැමිණි" නිසා මේ ළගදි බෙහෙත් පෙත්තක් ගැන බොහොම වැදගත් අදහස් ටිකක් කිව්වේ. ඉතින් මම එයාගේ පරණ ලොක්ක නිසා මම පොඩ්ඩක් ගොන් කතාවක් කිව්වොත් තමයි ඔහෙලට මල පනින්නේ... චි චි ..... හරි නැහැ නේද මගේ තරුණ වයස ගැනවත් ඔහෙලා හිතුවා ....

:       0       124

Upul Thursday, 26 March 2020 11:05 AM

හොරා කාපුවා මදිද තවත් ගොන් කතා කියන්නේ ?

:       25       104

රවින් Thursday, 26 March 2020 11:27 AM

දන්නා තරමින් නම් දැනට වයිරසය තම පාලනයට නතු කරගෙන තියෙන්නේ දක්ෂ අවංක සැබවින්ම ශ්‍රී ලංකිකයයි කියතහැකි විද්වතුන් ගෙන් සමන්විත පිරිසකි. එම කොටසට දේශපාලුවන් අයිති නැත. දෙයියනේ කියලා ඔවුනට තම මවුබිම වෙනුවෙන් කලයුතු යුතුකම් කොටස හරි හැටි ඉටුකරන්න ඉඩදීලා දේශපාලුවෝ ටික පැත්තකට උනොත් තම තමන් අදහන, විශ්වාස කරන සියලු දෙවි දේවතාවුන්ගේ ආනුභාවයෙන් එකදු හෝ කොරෝනා මරණයක් නොවී මෙරට ආරක්ශාවෙවී. සියලු ලාංකිකයන්ගේ එකම පැතුමද එයාවේ. 225 හිටපු පිස්සු බලු කොටුවේ දොර ඇරලා තියන හින්දා ආයෙත් ඇතුලට දානකන් විකාර කරන්න වටිනා මිනිස් ජිවිත බිලි නොගෙන...

:       0       24

Rishantha Thursday, 26 March 2020 11:51 AM

අම්මෝ තවත් කන්න ඕනෙවෙලා... ඔයා ඉන්න අපට ඒ ඇති

:       0       25

Keppetipola Thursday, 26 March 2020 11:52 AM

මෙච්චර කල් රටේ ජනතාවගේ සෞඛ්‍යය දිහා නොබලපු සුත්තර පැංචාට දැනුයි මතක් වෙලා තියෙන්නේ. ලංකාවේ කොරෝා වසංගත පාලනය ලෝකයේ දියුණු රටවල් යැයි කියාගන්න රටවල් වලට වඩා ඉතා හොදින් පාලනය කරගෙන යනවා. සුත්තර පැංචා ඉරිසියාවේ පැලෙමින් බොරු ප්‍රකාශ කරමින් ජනතාව රවට්ටන්න හදනවා. මොවුන්ට යන්න වෙනම අපායක් ඇත.

:       37       114

Raveendra Thursday, 26 March 2020 12:09 PM

නිහඩව ඉදලා බැරි තැන මොනවා මම කියන්නද ? ඒ නිසයි කට ඇරියේ....

:       0       41

ලසන්ත Thursday, 26 March 2020 12:12 PM

අදහස් පලකළ සියළු දෙනාම කියන්නේ බැංකුව කොල්ලකෑවා, බැංකුව කොල්ලකෑවා කියලා විතරයි. මේ කට්ටිය හිතන් ඉන්නේ මහ බැංකු මංකොල්ලය කියන්නෙ ගමේ තියෙන ග්‍රාමීය බැංකුව රාත්‍රියක කැඩුවා වගේ මහ බැංකුවත් කැඩුවා කියලයි. එහි ඇත්තම තේරුමවත් නොදැන මෙයාගේ කාලේ විතරක් කළ දෙයක් වගේ කතා කර්. කතා කළාමත් වැැද්දක්මයි කියන්නේ. අදහස් පලකළ මහත්වරුනි, දැන්වත් ඇත්ත ඇති සැටියෙන් දකින්න පුරුදු වෙන්න.

:       0       16

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 55 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 888 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2519 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site