(විමුක්ති එස් රුද්‍රිගු)
කාන්තා විරෝධී ආකල්ප ඇති, අන්ත දක්ෂිණාංශික මත පළ කරන මතභේදාත්මක සමාජ මාධ්‍ය චරිතයක් වන ඇන්ඩෲ ටේට් සහ ලොව ප්‍රකට දේශගුණික විපර්යාස පිළිබඳ හඬ නගන ක්‍රියාකාරිනියක වන 19 හැවිරිදි ග්‍රේටා තන්බර්ග් අතර සිදුවූ ට්විටර් වචන හුවමාරුව අවසන් වී පැය 24 යන්නට මත්තෙන් රුමේනියා පොලිසිය විසින් ඇන්ඩෲ ටේට් අත් අඩංගුවට ගනු ලැබ ඇත.
කාන්තාවන් දූෂණය කිරීම, මිනිස් ජාවාරම සහ සංවිධාත්මක අපරාධ සිදුකිරීමේ චෝදනා මත ඇන්ඩෲ ටේට් සහ ඔහුගේ සොයුරු ට්‍රිස්ටන් රුමේනියා පොලිසිය අත් අඩංගුවට ගෙන තිබේ.ඇන්ඩෲ ටේට් සහ ග්‍රේටා තන්බර්ග් අතර සිදුවූ ට්විටර් වචන හුවමාරුවේදී පළ කළ ඡායාරූපයක තිබූ පිට්සා අසුරනයකින් ඔහු සිටි තැන සොයාගැනීමට සමත් වූ බව රුමේනියා පොලීසය ප්‍රකාශ කර ඇත.
ඔහුට සහ සහෝදරයාට අපරාධ රැසක් පිළිබඳ චෝදනා එල්ල වී ඇති අතර ඒ අතර අවම වශයෙන් කාන්තාවන් 6 දෙනකු, ඔවුන්ගේ දුර්වලතාවයන් ප්‍රයෝජනයට ගනිමින් සහ ප්‍රචණ්ඩත්වය භාවිත කරමින් අතිශයින්ම වැඩිහිටියන්ට පමණක් සුදුසු වීඩියෝ විකිණීම සඳහා පටිගත කිරීමට යොදා ගෙන ඇතැයි රුමේනියා පොලිසිය චෝදනා කර තිබේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඇන්ඩෲ ටේට් අත්අඩංගුවට
සකලබුජං Friday, 30 December 2022 12:39 PM
ලංකාවේ මුහුණු පොත් ඔස්තාර්ලා කිහිප දෙනෙක්ම පහුගිය දවස්වල ඇන්ඩෲ ටේට්ව අදහගෙන උන්නා.. දැන් හරියට ලැජ්ජා ඇති ඔවුන්ට...
pakeer Friday, 30 December 2022 01:14 PM
මූ කතා කරන්නේ නම් මාර පොරක් විදියට. බලන් ගියාම ස්ත්‍රී දූෂකයෙක්නේ.
ලොවට පරකාසේ Friday, 30 December 2022 01:42 PM
කන්න නැතත් දේශගුණික විපර්යාස ගැන විතරක් කතා කරකර සමුළු තියන කෙනෙක් ලංකාවේත් ඉන්නවා.
මැක්ස් Friday, 30 December 2022 03:06 PM
අපේ රටේත් "සමාජ මාධ්‍ය ක්‍රියාකාරී" ලේබලය අලවා ගෙන ඉන්න වැඩි දෙනෙක් සමාජ විරෝධීන්. එසේම, නීතිය තමන් අතට ගන්නට මිනිසුන් පොළඹවන්නන්. අපේ පොලිසියටත් බැරිද රුමේනියා පොලිසිය කළා වගේ මේ හාදයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න...!