DFCC බැංකුවේ අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කරන තිමල් පෙරේරා මහතා, ඇක්විටි පාට්නර්ස් (පුද්.) සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපති ලෙස පත්කර තිබේ. ඇක්විටි පාට්නර්ස් යනු DFCC බැංකුවේ සහ හැටන් නැෂනල් බැංකුවේ සම-හිමිකාරීත්වය යටතේ පවතින, පූර්ණ-සේවා ආයෝජන බැංකුවකි.
මෙම පත්කිරීමට අමතරව, ලලිත් විතාන සහ සචිත් එන්. පෙරේරා යන මහත්වරු එම සමාගමේ නව ස්වාධීන, විධායක නොවන අධ්‍යක්ෂවරු ලෙස පත්කර සිටිති. ඇක්විටි පාට්නර්ස් සමාගම මේ වනවිට ආයතනික මූල්‍ය, කොටස්, ස්ථාවර ආදායම් සුරැකුම්පත්, ‘වෙන්චර් කැපිටල්’ සේවා සහ වත්කම් කළමනාකරණ සේවා ඇතුළු සේවා රාශියක් පිරිනමයි.
බැංකු ක්ෂේත්‍රයේ ප්‍රවීණ වෘත්තිකයකු වන තිමල් පෙරේරා මහතා 2022 ජනවාරි 01 දින ඇක්විටි පාට්නර්ස් හි සභාපතිවරයා ලෙස නිල වශයෙන් වැඩ භාරගත්තේ ය. මූල්‍ය සේවා හා බැංකුකරණ ක්ෂේත්‍රවල දේශීය හා ජාත්‍යන්තර වශයෙන් දශක දෙකකට අධික පළපුරුද්දක් ඒ මහතා සතු වේ. මීට පෙර ඒ මහතා හැටන් නැෂනල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ලෙස කටයුතු කරමින් එම බැංකුවේ පාරිභෝගික බැංකුකරණ හා කුඩා හා මධ්‍ය පරිමාණ බැංකුකරණ සේවා අංශයේ මෙහෙයවීය.
ලලිත් විතාන මහතා, බැංකු, නිෂ්පාදන හා වෙළඳ ක්ෂේත්‍රවල ජ්‍යෙෂ්ඨ කළමනාකරණ තනතුරු දැරූ, වසර 25 කට අධික පළපුරුද්දක් හිමි ප්‍රවීණ වෘත්තිකයෙකි. බ්‍රැන්ඩික්ස් ගෲප්, අර්න්ස්ටි ඇන්ඩ් යූත් යනාදී සමාගම් රාශියක ඒ මහතා විවිධ තනතුරු දරා ඇත. මීට පෙර ඒ මහතා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සමූහ ප්‍රධාන මූල්‍ය හා පරිපාලන නිලධාරී ලෙසත්, ශ්‍රී ලංකන් කේටරින් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ලෙසත් කටයුතු කර තිබේ.
බැංකු ක්ෂේත්‍රයේ ප්‍රවීණ වෘත්තිකයකු වන සචිත් එන්. පෙරේරා මහතා, වසර 26 ක කාලයක් HSBC ආයතනයෙහි සේවය කර ඇති අතර, ඉන් වසර 12 ක කාලයක් ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ HSBC ආයතනයේ භාණ්ඩාගාරික සහ ගෝලීය වෙළඳපොළ ප්‍රධානී ලෙස සේවය කළේ ය. නව පත්කිරීම් සමගින් ඇක්විටි පාට්නර්ස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය තිමල් පෙරේරා (සභාපති), රේ අබේවර්ධන (කළමනාකාර අධ්‍යක්ෂ), රජීව දිසානායක, දමිත් පල්ලෙවත්ත, සංජේ විජේමාන, ලලිත් විතාන සහ සචිත් එන්. පෙරේරා යන මහත්වරුන්ගෙන් සමන්විත වේ.
-සටහන- චමින්ද මුණසිංහ
තිමල් පෙරේරා අධ්‍යක්ෂ මණ්ඩල සභාපති - ඇක්විටි පාට්නර්ස් (පුද්.) සමාගම
ලලිත් විතාන අධ්‍යක්ෂ - ඇක්විටි පාට්නර්ස් සමාගම
සචිත් එන්. පෙරේරා අධ්‍යක්ෂ - ඇක්විටි පාට්නර්ස් (පුද්.) සමාගම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඇක්විටි පාට්නර්ස් සමාගමට නව නියමුවෝ