(විමුක්ති එස් රුද්‍රිගු)
උද්ධමන අනුපාතය සහ පවතින ඉන්ධන හිඟය ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවට දිගින් දිගටම තර්ජනය කරන බව මානුෂීය කටයුතු සම්බන්ධීකරණය සඳහා වූ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ප්‍රකාශ කළේය.
කොළඹ පාරිභෝගික මිලදර්ශකයට අනුව අගෝස්තු මස සියයට 64.3 ක් වූ උද්ධමනය සැප්තැම්බර් මස සියයට 69.8 ක් දක්වා දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය.
එසේම සිදු වූ මිල ඉහළ යාම් හේතුවෙන් අගෝස්තු මස සියයට 93.7 ක් වූ ආහාර කාණ්ඩයේ උද්ධමනය සැප්තැම්බර් මස සියයට 94.9 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් අගෝස්තු මස සියයට 50.2 ක් වූ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය සැප්තැම්බර් මස සියයට 57.6 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දුන්නේය.
මේ අතර මෙම වසරේ පළමු කාර්තුව තුළ සියයට 4.3 ක් වූ විරැකියා අනුපාතය දෙවැනි කාර් තුවේදී සියයට 4.6 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් පළමු කාර් තුවේ සියයට 51.2 ක් වූ ශ්‍රම බලකා සහභාගීත්වය සියයට 50.1 ක් දක්වා දෙවැනි කාර් තුවේදී පහළ වැටී ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පැවසුවේය.
ඉහළ උද්ධමනය, භාණ්ඩ වල මිල ඉහළ යාම, විදුලිය කප්පාදුව සහ ඉන්ධන හිඟය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය තවදුරටත් පවතින බවත් කෘෂි කාර් මික නිෂ්පාදනවල සැලකිය යුතු අඩුවීම අර්බුදය තවත් උග්‍ර කර ඇති බවත් මානුෂීය කටයුතු සම්බන්ධීකරණය සඳහා වූ එක්සත් ජාතීන්ගේ කාර් යාලය සඳහන් කළේය.
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක ණය මුදල ලබා ගැනීම සඳහා මූල්‍ය අරමුදලේ කළමනාකාරීත්වයේ සහ විධායක මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමේ අපේක්ෂාවෙන් සිටින බව මානුෂීය කටයුතු සම්බන්ධීකරණය සඳහා වූ එක්සත් ජාතීන්ගේ කාර් යාලය පෙන්වා දුන්නේය.
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ආහාර හිඟයට තෙල්-උද්ධමනයත් හේතුවක්
Prabha Monday, 03 October 2022 02:50 PM
මේ ඔක්කොම කියන්නේ බොරු. ඇත්ත දැනගන්න ඕනෙ නම් කෙහෙළිය අර කුරුම්බා ලොඳ දොස්තර වගේ අයට ඇහුම්කන් දෙන්න.